Arrow
Arrow
PlayPause
Slider

පළමු වටයේ තරග පහත දිනවලදී

ප්‍රසාංගික, මාධ්‍ය, කලා හා සාහිත්‍ය තරගාවලිය හා සම්මාන උලෙළ
ඒකාංගික නාට්‍ය - ප්‍රධාන ශාලාව -2017.11.07 - පෙ.ව 10.00
චිත්‍ර/ඡයාරූප - කලාගාරය-2017.11.07 - පෙ.ව 10.00
කෙටි චිත්‍රපට-ජනසන්නිවේදන ශබ්දාගාරය-2017.11.07 - පෙ.ව 10.00
නර්තන ඒකල /සමූහ බෙර වදන නිර්මාණ - ක්‍රිස්ටෝ ශාලාව-2017.11.07 - පෙ.ව 10.00
ගායන/වාදන -ක්‍රිස්ටෝ ශාලාව -2017.11.08- පෙ.ව 10.00
තරඟකරුවන් අදාල දින ලබා දී ඇති වෙලාවට වාර්තා කරන්න.
සම්මාන රාත්‍රිය 2017 දෙසැම්බර් 07 ධර්මාලෝක ශාලාවේදී සවස 05.00
සභාපති
කලා මණ්ඩලය
කැලණිය විශ්වවිද්‍යාලය.
වැඩි විස්තර-0765291661

කලන

ප‍්‍රාසාංගික, මාධ්‍ය කලා සහ සාහිත්‍ය තරගාවලිය හා සම්මාන උළෙල

කැලණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය, විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ කලා කුසලතා ඔප්නැංවීමේ හවුල්කරුවෙක් ලෙස කලන - 2017  ප‍්‍රාසාංගික මාධ්‍ය කලා හා සාහිත්‍ය තරගාවලිය හා සම්මාන උළෙල නම් මෙම නව වැඩසටහන ප‍්‍රදානය කරයි. විශ්වවිද්‍යාලය තුළ අර්ථවත් නිර්මාණ සංස්කෘතික පෝෂණය මගින් ප‍්‍රබෝධමත් හා විචාරාත්මක ශික්ෂණ ශාස්ත්‍රීය පරිසරයක් ගොඩනැගීමට දායකවීම කලන  - 2017  සම්මාන උළෙලේ මුඛ්‍ය අභිලාශය වේ. මේ උදෙසා කැලණිය විශ්වවිද්‍යාලයීය සියලු කලා සංගම්වලට කලා මණ්ඩලය හා අත්වැල් බැඳගන්නා ලෙසට ද ආරාධනා කරමු

Read more: කලන

පද්‍ය කාව්‍ය තරගාවලිය

පද්‍ය කාව්‍ය සංග‍්‍රහ වශයෙන් නොව කේවල පද්‍ය කාව්‍ය වශයෙන් ඉදිරිපත් කළ යුතුය. ප‍්‍රකාශයට පත් නොකළ නිර්මාණයක් විය යුතුය.

Read more: පද්‍ය කාව්‍ය තරගාවලිය

Poster

කෙටි කතා තරගය

කෙටි කතා සංග‍්‍රහ වශයෙන් නොව කේවල කෙටි කතා වශයෙන් ඉදිරිපත් කළ යුතුය. ප‍්‍රකාශයට පත් නොකළ කෘති ඉදිරිපත් කළ යුතුය.

යෙන් නොව කේවල කෙටි කතා වශයෙන් ඉදිරිපත් කළ යුතුය. ප‍්‍රකාශයට පත් නොකළ කෘති ඉදිරිපත් කළ යුතුය. වෙනත් නිර්මාණකරුවෙකුගේ නිර්මාණ කෘතියකින් හෝ සංග‍්‍රහයකින් උපුටාගත් නිර්මාණයක් හෝ කොටසක් ඇතුළත් නිර්මාණ තරගය සඳහා සලකා බලනු නොලැබේ. තරගය සඳහා ඉදිරිපත් කරනු ලබන සියලූ නිර්මාණ පිටපත් 02කින් යුතුවA4 ප‍්‍රමාණයේ කඩදාසිවල තනි පැත්තේ පරිගණක ගත කර ඉදිරිපත් කළ යුතුවේ. සියලූම පිටු අංක කළ යුතු වේ.

තරග මාර්ගෝපදේශනය

කලන - 2017 තරග සඳහා සහභාගිවිය හැක්කේ කැලණිය විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර සිසු සිසුවියන්ට පමණි. සෑම නිර්මාණයක්ම ස්වතන්ත‍්‍ර (තමන්ගේම) මුල් කෘති විය යුතු අතර අයැදුම්කරුවන් විසින් ශ‍්‍රී ලාංකීය ප‍්‍රකාශන හිමිකම් උල්ලංඝනය නොකළ යුතුය. අයැදුම්කරුට සුදුසු  ඕනෑම තේමාවක්  ඕනෑම ශෛලියක් තෝරා ගත හැකිය. යම් අයැදුම්කරුවෙක් විසින් වෙනත් පුද්ගලයෙකුගේ නිර්මාණයක් ඉදිරිපත් කර ඇත්නම් එය තරග නීති උල්ලංගනය කිරීමක් සේ සලකනු ලැබේ.

Read more: කෙටි කතා තරගය

Short Film Workshop

චිත‍්‍ර තරගාවලිය

චිත‍්‍ර ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය : තෙල් සායම්, දිය සායම් හෝ වෙනත්  ඕනෑම මිශ‍්‍ර මාධ්‍යයක් භාවිත කළ හැකිය. චිත‍්‍රයෙහි ප‍්‍රමාණය තීරණය කිරීමට  නිර්මාණකරුට නිදහස ඇත.

චිත‍්‍ර ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය : තෙල් සායම්, දිය සායම් හෝ වෙනත්  ඕනෑම මිශ‍්‍ර මාධ්‍යයක් භාවිත කළ හැකිය. චිත‍්‍රයෙහි ප‍්‍රමාණය තීරණය කිරීමට  නිර්මාණකරුට නිදහස ඇත. එහෙත් එය අති විශාල ප‍්‍රමාණයේ චිත‍්‍රයක් නොවිය යුතුය. තරගයට ඉදිරිපත් කරනු ලබන සෑම චිත‍්‍රයක්ම ප‍්‍රදර්ශනයට සුදුසු අන්දමින් නිමකොට රාමුකර ඉදිරිපත් කළ යුතුය. චිත‍්‍රයෙහි පිටුපස අයැදුම්කරුගේ නම සඳහන් කළ යුතුය.

තරග මාර්ගෝපදේශනය

කලන - 2017 තරග සඳහා සහභාගිවිය හැක්කේ කැලණිය විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර සිසු සිසුවියන්ට පමණි. සෑම නිර්මාණයක්ම ස්වතන්ත‍්‍ර (තමන්ගේම) මුල් කෘති විය යුතු අතර අයැදුම්කරුවන් විසින් ශ‍්‍රී ලාංකීය ප‍්‍රකාශන හිමිකම් උල්ලංඝනය නොකළ යුතුය. අයැදුම්කරුට සුදුසු  ඕනෑම තේමාවක්  ඕනෑම ශෛලියක් තෝරා ගත හැකිය. යම් අයැදුම්කරුවෙක් විසින් වෙනත් පුද්ගලයෙකුගේ නිර්මාණයක් ඉදිරිපත් කර ඇත්නම් එය තරග නීති උල්ලංගනය කිරීමක් සේ සලකනු ලැබේ.

Read more: චිත‍්‍ර තරගාවලිය

ඡායාරූප තරගාවලිය

ඡායාරූප එක් ස්ථානයක දී එකම වේලාවක දී ගත් ඡායාරූපයක් විය යුතුය. ජංගම දුරකථන ඇතුළුව  ඕනෑම ඩිජිටල් උපාංගයකින් ගත් ඡායාරූපයක් ඉදිරිපත් කළ හැකිය.

Read more: ඡායාරූප තරගාවලිය

ගායන, වාදන හා නර්තන තරගාවලිය

ගායන; ඒකල (ගායකයා, ගායිකාව) හා යුගල ගායනා. උපරිම කාලය විනාඩි 05 කි. (ජන ගායනා හෝ වෙනත් වර්ගීකරණ අයැදුම්පත් සළකා බැලීමෙන් පසු තීරණය කෙරේ.)

Read more: ගායන, වාදන හා නර්තන තරගාවලිය