දරුවන්,දෙමව්පියන් ,ගුරුවරියන් ,පැමිණි සියලුදෙනාම සතුටින් සිටි අවස්ථාව ‘පුංචි අපේ බීම දන්සැල’ 🍊
🌸පුංචි මල් කැකුළු යහපත් ආකල්ප තුලින් විකසිත කරමු🌸.
සාරධර්ම වලින් පිරි දැහැමි සමාජයක් ගොඩනැගීම සදහා කුඩා කල සිට දුවා දරුවන් ආගම දහමට නැඹුරු කල යුතුයි.ඒ වගේම දරුවන් තුල සමාජ හා හැගීම් නිපුණතා සංවර්ධනය කිරීම මගින් දරුවන් සමවයස් කණ්ඩායම් සමඟ හා සමාජයේ සිටින අනිකුත් පුරවැසියන් සමඟ ද යහපත් අන්තර් පුද්ගල සබඳතා ගොඩ නගා ගැනීමට ක්රියා කරයි.
මෙවැනි ක්රියාකාරකම් තුලින් දරුවන්ට වැදගත් සමාජ සහ චිත්තවේගාත්මක හැකියාවන් දියුණු කර ගැනීමට හැකියාව ලැබේ . කුඩා දරුවන්ට අලුත් දේවල් ඉගෙනගන්න ආකාරය නිරීක්ෂණය කිරීම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දරුවා කුඩා කාලයේ සිට බෙදා හදා ගනිමින් , කෘතවේදීත්වය, උදව් කිරීම සහ හැඟීම් බෙදාගැනීම , දරුවා ගෙදරින් පිටත අන් අය සමඟ කටයුතු කිරීමට ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් මෙවැනී ක්රියාකාරකම් තුලින් ලබා දීමට හැක.
ප්රධානතම දෙය නම් මෙම වැඩසටහනේ සියලුම ක්රියාකාරකම් දරුවන් විසින් සිදු කරන ලදී . බීම සෑදීමේ සියලුම කටයුතු දරුවන් විසින් නිසි අවබෝධයකින් සිදු කෙරුණි .
වඩාත්ම වැදගත් දෙය නම්, දරුවන් යහපත් සමාජ හැසිරීම් පෙන්වන විට ඔවුන්ට ප්රශංසාව ලැබීම ඔවුන්ට අලුත් දෙයක් වනු ඇත. ආධුනිකත්වයට පමණක් නොව කුඩා දරුවන්ට තමන් ගැනම හොඳ හැඟීමක් මෙමගින් ඇති කරවයි. ඇතැම් හැසිරීම් ප්රිය උපදවන ප්රශංසාවක් වටහා ගන්නේ මන්දැයි ඔවුන්ට තේරුම් ගැනීමට උපකාර කරයි. දරුවන්ට තමන් ගැනම හොඳ හැඟීමක් ඇති වන අතර ඔවුන්ගේ හැඟීම් හා චිත්තවේගීය නිපුණතාව වර්ධනය කිරීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දරුවන්ට තම හැඟීම් බෙදාගැනීමට ඉඩ සලසා දෙන යහපත් වාතාවරණයක් ඇති කිරීමෙන්, දරුවන් වඩාත් ත්යාගශ්රීලීව හා කල්පනාකාරී වීමට සාමාජීය අවබෝධය මේ තුලින් ලබා ගනු ඇත.
මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් ඔබ සැමට ස්තුතියි 🙏

Contact Us

Address -
V V Karunaratne Building, Bulugaha Junction, Kandy Rd, Peliyagoda.

Phone - 0717618278

Email - mecdc@kln.ac.lk

Open Hours

Monday - Friday

8.00 a.m - 5.00 p.m

Search