Articles
හන්තානට පායන සඳට පිළිතුරු ගීයක්
- කවි
- Hits: 5356
හන්තානට පායන සඳ
මට කුමටද දකින්න?
සිහිනෙන් වුව දකිනා සඳ
නුඹ වග සිහි කරන්න
අඳුරු ලලා වැසි වැස්සම
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් නුඹ හා ගිය
මතක රැඳෙයි තනියට
ලතා මඩුලු අත වැනුවට
මැවී පෙනෙයි හැම සඳ
මහවැලියේ දිය තරමට
මට පෙම් කළ නුඹෙ රුව
කෞමදී බණ්ඩාර
සිව්වන අධ්‍යයන වර්ෂය
වාග් විද්‍යා අධ්‍යයන වර්ෂය
මානව ශාස්ත්‍ර පීඨය


