තක්ෂලාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීමේ ක්‍රියාවලියකි. අධ්‍යාපනය යන්න ඉගෙනීම, ඉගැන්වීම, ඇගැයීම, රස විඳීම පුහුණුව.. ආදී පුළුල් ක්ෂේත්‍ර හා සම්බන්ධ වෙයි. අධ්‍යාපනය පුද්ගල හැකියාවන් පිටතට මතුකොට ඒ තුළින් පූර්ණ මිනිසකු බිහිකිරීම සහ සමාජ සංවර්ධනය කිරීම පෙරටු කොටගත් වැදගත් සංකල්පයක් ලෙස පෙන්වාදිය හැකිය. ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය මෙන්ම සතුටින් ජීවත් වන රට ලෙස ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ පින්ලන්තයයි. ඊට මූලිකම හේතු ලෙස,

  1. තරගකාරී අධ්‍යාපන රටාවෙන් වෙන්ව අත්දැකීමෙන් හා නිරීක්‍ෂණයෙන් ඉගෙන ගැනීමට දරුවන්ට අවකාශය සැලසීම.

  2. දරුවන්ගේ විවේකය සහ නිදහස අගය කිරීම උදාහරණයක් ලෙස දරුවන්ට මාස හයක නිවාඩු කාලයක් ලබා දීම. 

  3. අධ්‍යාපන කටයුතුවලින් පීඩාවට පත් දරුවන් සඳහා විවේක කාමර තිබීම.

  4. සියලු දරුවන්ට සමානාත්මතාවයෙන් අධ්‍යාපනය ලැබීමට ඉඩහසර ලබාදීම.

  5. හැකියාව මත අධ්‍යාපනික නැඹුරු ඇති කිරීම නිදසුනක් ලෙස වෘත්තීය පුහුණු සඳහා යොමු කිරීම 

ආදිය පෙන්වාදිය හැකිය. මෙහි අධ්‍යාපන ක්‍රමවේදය සැලකිල්ලට ගත්විට ආගම් භේද කවරක් වුවත් බෞද්ධ ක්‍රමවේද මුල්කොට ඇති බව බෞද්ධ මූලාශ්‍ර හා සැසදීමේදී පැහැදිලිවෙයි.

දරුවා අධ්‍යාපනයට නැඹුරු නොවීමට කායික මෙන්ම මානසික යන ද්විත්ව හේතු බලපායි. ඒවා කණ්ඩනය කොට අධ්‍යාපනයට දරුවා නැඹුරු කරන ක්‍රමවේද පහක් විතක්කසන්ඨාන සූත්‍රයෙහි පෙන්වා දී ඇත.

1.      අඤ්ඤනිමිත්තපබ්බං (ප්‍රතිවිරුද්ධ කුසල සිතිවිලි මෙනෙහි කිරීම)

පාඩම් කිරීමේ දී කම්මැලි වීම, නිදිමත, බඩගින්න, දුරකථනය භාවිතා කිරීමට සිතීම,... ආදී නොයෙකුත් කාරණා සිහිපත්වීම තුළ අධ්‍යාපනය අඩපණ වෙයි. මින් මුදවාලීමට උක්ත කාරණයට අනුව තමාට බෑ යන සෘණාත්මක සිතිවිලි කාරණා වෙනුවට මූලික අරමුණක් සිහිපත් කොට තමා අධිෂ්ඨානය පෙරටු කොට ධනාත්මකව තමාට පුළුවන්, මම පාඩම් කරනවා, මට පාඩම් මතක හිටිනවා, සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න දැම්මට පුළුවන්, මම මේ පාඩම කාටහරි කියල දෙනවා යන ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම තුළ අධ්‍යාපනයට නැඹුරුවීම සිදුවේ.

උදාහරණයක් ලෙස වාරවිභාගයකදී ශිෂ්‍යයකු ලබාගන්නා ලකුණු ගැන දෙමව්පියන් ගුරුවරුන් ආදීන් තමාව ඇගැයීමට ලක් කරන ආකාරය සිහිපත් කිරීම දෙමාපියන්ගෙන් සමත්වීම හේතුවෙන් ලැබෙන ත්‍යාග පිළිබඳ මෙනෙහි කිරීම මත අරමුණු මූලිකව සෘණාත්මක සිතිවිලි වෙනුවට ධනාත්මක සිතුවිලි ගොඩනැගීම අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවෙයි.

2.      ආදීනවපබ්බං ( උපන් අකුසල විතර්කයේ ආදීනව සිහිකිරීම)

පාඩම් කිරීමට කම්මැලිකමක් දැනෙන විට පාඩම් නොකර සිටීම තුළ තමන්ට ලැබෙන ප්‍රතිඵල කිහිපයක් හා එයින් තමාට සිදුවන අයහපත මෙනෙහි කිරීම තුළ ද අධ්‍යාපනයට නැඹුරු කළ හැකිය.

නිදසුනක් ලෙස වාර විභාගයකට පාඩම් කිරීමේ දී නිදිමත කම්මැලිකම ආ විට පාඩම් නොකිරීමෙන් වාර විභාගයට ගොස් පේපරයට අනිත් ළමුන් ලියද්දි තමාට පිළිතුරු ලිවීමට නොහැකිව අපහසුතාවයට පත්වන ආකාරය චිත්ත රූප මවාගැනීම, ලකුණු ආ විට ළමුන් අතර ලැජ්ජාවට පත්වන ආකාරය මෙන්ම ගුරුවරුන් අතර ලැජ්ජාවට පත්වන ආකාරය සිහිපත් කිරීම, දෙමාපියන් වාර්තා පොත ඉල්ලූ විට ලකුණු අඩු වූ හෙයින් පෙන්වීමේදී ඇතිවන ගැටලු සිහිපත් කිරීම,.. ආදී තමාට වන බලපෑම වීමට පෙර සිහිපත් කිරීමෙන් කම්මැලිකම, නිදිමත නැතිව පාඩම් කිරීමට  පෙළඹවීමෙන් අධ්‍යාපනයට නැඹුරු කළ හැකිය.



3.  අසතිපබ්බං(වෙනත් අරමුණකට සිත යොමුකොට අයහපත් අරමුණ අමතක කොට දැමීම)

ආදීනව මෙනෙහි කර ද නැවත සෘණ ආකල්ප ඒ නම් උපන් අකුසල විතර්ක අමතක කරලීම කළ යුතුය. බොහෝ විට දරුවන්ට ඉගෙනීමට ආසාව තිබුණද බාහිර බලපෑම හේතුවෙන් මානසිකව ඇතිවන පීඩනය කරණකොට අධ්‍යාපනයට නැඹුරු නොවේ. නිදසුනක් ලෙස පාඩම් කරන විට දුරකථනය මතක් වීම, ටෙලි නාට්‍ය මතක් වීම තුල ඒවා අමතක කර දැමීම මත අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවෙයි.

4.  විතක්කමූලභේදපබ්බං (උපන් අකුසල විතර්කයේ මූල සිහිකිරීම)

සෘණාත්මක අරමුණු ගොඩනැගෙන විට එම අරමුණු ගොඩනැගෙන මූලය මෙනෙහි කළ යුතුය. උදාහරණයක් ලෙස පාඩම් නොකිරීමට හේතුව නිතර එන නිදිමත නම් ඊට මූල කාරණය පෙර දවසේ ටෙලි නාට්‍ය බැලීම බව අවබෝධ කොට එම මූල කාරණා අවබෝධයෙන් ඒවායින් මිදීම ඈත්වීම තුළ අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවේ.

5.  අභිනිග‍්ගණ‍්හපබබ්බං (කායික හා මානසික අධිෂ්ඨාන ශක්තිය යොදා මර්දනය කිරීම)

කායික ශක්තිය සිතට ලබා දෙමින් අකුසල විතර්ක මර්ධනය කිරීම මට බෑ, මට නෑ, මට දැන් කම්මැලි යන සෘණාත්මක ආකල්ප මනසට එන විට අරමුණ මූලිකව සිහිපත් කොට අධ්‍යාපනයට බලපෑම් කරන නිදිමත, කම්මැලිකම, අධිකක උෂ්ණත්වය..ආදී කවර සාධකයක් වුවද දැඩි වීර්යෙන්, උත්සාහයෙන් මට පුළුවන්, මට පාඩම් මතකයි, කාලසටහනකට අනුව මම පාඩම් කරනවා, යන හැඟීමෙන් එදිනෙදා පාඩම් එදිනෙදා කිරීමෙන් අධ්‍යාපනයකට නැඹුරු වීම සිදුවෙයි.

උක්ත බෞද්ධ ක්‍රම ශිල්ප ප්‍රායෝගිකව දරුවා අධ්‍යාපනයට නැඹුරු කිරීමේ දී භාවිතා කළ හැකිය. එමෙන්ම “චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං බහුලීකතං මහතො අත්ථාය සංවත්තතී” යනුවෙන් බහුලීකත  සූත්‍රයේ යමක් ගැන බහුල වශයෙන් නැවත නැවත හිතනවනම්, සොයා බලනවා නම් නැඹුරු වී නිවැරැදි ඵල ලබාගත හැකි බව උක්ත පාඨයෙන් පැහැදිලි වෙයි. ඒ අනුව දරුවන් අධ්‍යාපනයට නැඹුරු  කිරීමට නිතර නිතර ඉගෙනීමට යොමුකිරීම,  මුලින්ම නොතේරුණු පාඩම් වුවද නැවත නැවත අධ්‍යයනයට පෙළඹීම තුළ අධ්‍යාපන රුචිය වැඩීමෙන් අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවෙයි.

තවදුරටත් අධ්‍යාපනයට නැඹුරු කිරීමේදී ත්‍රී ශික්‍ෂා ක්‍රමයද උපයෝගී කරගත හැකිය. එනම්

01. සීලය තුළින් කායික සංවරය අපේක්ෂා කරන අතර මානසිකව අධ්‍යාපනික කරුණු අවධාරණය කර ගැනීමට කායික සංවරය මූලික වශයෙන් අත්‍යවශ්‍ය සාධකයකි. 

02. සමාධිගත කිරීම යටතේ ශිෂ්‍යයන්ගේ දැනුම මට්ටම මෙන්ම පෙර කරන ලද පාඩම් සිහිපත් කිරීම තුළ අවබෝධය ගොඩනැගිය යුතුය. 

03. ප්‍රඥාව වැඩීම යටතේ නව කරුණු ඉගෙන්නුම් මනස තුළ තැන්පත් කිරීම පෙර පාඩම් අවබෝධය මත ධාරණය වීම සිදුකරයි. ඒ අනුව අධ්‍යාපනික රුචිය වර්ධනය සමඟ අධ්‍යාපනික නැඹුරුව ඇතිවේ.

රටක අනාගතයේ පැවැත්ම දරුවන් මත තීරණය වෙයි. දැනුමෙන් ආකල්ප වලින් මෙන්ම සාරධර්මවලින් පිරිපුන් දරු පරපුරක් රටට දායාද කිරීමේ මුදුන් මල්කඩ අධ්‍යාපනයයි. එහෙත් ඛේදනීය තත්ත්වය වී ඇත්තේ බහුතරයක් දෙනා අධ්‍යාපනය තුළින්  ඵල ප්‍රයෝජන නොගැනීමයි.  එය අ.පො.ස සාපෙළ   දක්වා සිටින සිසුන් ප්‍රමාණයත්, උසස් පෙළ විභාගය සඳහා සිටින සිසුන් ප්‍රමාණයත්, ඒ අතරින් විශ්ව විද්‍යාලය සඳහා ප්‍රවේශ විය හැකි සිසුන් ප්‍රමාණයත් සැලකිල්ලට ගත් විට තව දුරටත් පැහැදිලි වේ. එහෙයින් මූලික අඩිතාලමේ සිටම අධ්‍යාපනයට  දරුවා නැඹුරු කිරීමට කටයුතු කළ යුතුය. ඒ අනුව උක්ත සඳහන් බෞද්ධ ක්‍රම ශිල්පද උපයෝගී කොට අධ්‍යාපනික නැඹුරුව වර්ධනය කිරීම තුළින් සාර්ථක ජීවිතයකට උරුමකම් කීමට අපි සැවොම පුරුදු පුහුණු විය යුතුය.

 

කේ. ඉමාලි සහනිකා සේනාරත්න

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය

මානව ශාස්ත්‍ර පීඨය

 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සාර්ථකත්වය යනු,ඔබට එකවර ලැබෙන දෙයක් නොවේ.එය උත්සාහයන් ගණනාවක ප්‍රතිඵලයක් මිස,දින ගණනාවක කැපකිරීමක් මිස එක් රැයකින් එක් මොහොතකින් සඵල වන්නක් නොවේ.ඒ සඳහා ඔබ ජීවිතයේ බොහෝ කැපකිරීම් කැපකිරීම් සිදුකිරීමට අවශ්‍ය ය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඉගෙනුම් ක්‍රියාවලිය වඩා ඵලදායීව සාර්ථකව සිදු කිරීමට නම්,ඒ සඳහා අප දවසේ කුමන කාලය යොදා ගන්නේද යන්න ප්‍රබල ව ඊට බලපානු ලබයි.පාඩම් කිරීම යනු අප ඉගෙන ගත් දේවල් මනසට ඇතුල් කිරීම, ඒවා නැවත මතකයට නගා ගැනීම,  ඉගෙනගත් කරුණු විවාද ශීලීව සැසඳීම,එමෙන්ම ඒවායේ නිසි අරුත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අලුත් අවුරුද්ද ආරම්භ වෙලා සති කිහිපයක් ගෙවිලා ගිහින්. අලුත් දිනපොතක් ඔබේ  ජීවිතයට අලුතෙන් එකතු වුණාට පරණ හීන හීනයක්ම වෙන්නට දුන්නාද?

පොඩි කාලේ මං කවුරු වෙනවා කියලද හිතුවේ.  වෛද්‍යවරයෙක්, නීතීඥවරයෙක්, ඉන්ජිනේරුවරයෙක්, ගුරුවරයෙක්. ඒත්  වයසින් වැඩිවෙනකොට ඒ හීනේ වෙනස් වුණා නේද? නැත්නම් පොඩි කාලේ කවුරු වෙන්නද කැමති කියලා ටීචර් ඇහුවහම මං එහා පැත්තේ යාලුවා වගේ, එහෙමත් නැත්නම් එයා කිව්ව දේටත් වඩා දෙයක් කිව්වට,

ඒ හීනේ මඟ හැරුනද නැත්නම් මහන්සි වුණා මදිද? පොඩි කාලේ හිනේ වෙනස් වෙන්න හේතුව හිතලා බැලුවද?

දැන් ඔබ කරන රැකියාව ගැන යම් පුද්ගලයකු විමසූවහොත් ඔබ උජාරුවෙන් වචන ඇමිණුවාට, ඔහු ඇසුවොත් ඔබ සතුටින්ද  ඉන්නේ යැයි එවිට දෙන පිළිතුර කුමක්ද? රැකියාව ගැන තෘප්තිමත්ද? , අතෘප්තිමත්ද? රැකියාව ගැන පැවසූ විගස ඔබගේ මුහුණේ ඉරියව් මඟින් රැකියාව ගැන ඔබ දරණ මතය පිළිඹිබු වේ. කෙතරම් වැටුපක් ලැබුණද ඔබ සතුටින් නොමැති නම් ඒ වැටුපෙන් ඵලක් වේද යන්න සිතීම ඔබ සතුයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ආදරය, ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද කියලා අපි විමසුවොත් එකිනෙකා එයට වෙන වෙනම වෙනස් වූ නිර්වචන ලබා දෙයි.නමුත් ඇත්තටම එයට නිවැරදි නිර්වචනයක් ලබාදිය නොහැකියි. කෙනෙක් ආදරේ කියන්නේ පරිත්‍යාගය යැයි දක්වනවිට, තවත් කෙනෙකු ලබාගැනීම, පරිස්සම් කිරීම යැයි විවිධ අර්ථවලින් ආදරේ නිරූපණය කරන්න පුළුවන්.නමුත් සැබෑ නිර්වචනයක් පද පේලි ගළපා මෙයයැයි අපට දැක්විය නොහැකිය.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Currently, the COVID-19 epidemic and the decline of the school system are issues of discussion. In January 2020, the severe acute respiratory syndrome coronavirus 2, the eighth human coronavirus, was identified in Wuhan, Hubei province, China, following a recent outbreak of pneumonia. Since then, the virus has spread globally, putting all key systems in danger. The effects of covid-19 on the school system are serious, but in Sri Lanka, they are far more disastrous than in affluent nations. To ensure the continuation of the Sri Lankan higher education system, the Sri Lankan government used distance learning resources and Covid-19 instructional initiatives, transforming the Covid 19 pandemic into a supernova state.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

What bothers you the most in life?

 

What bothers you the most? Before seeking an answer to the question of what really bothers us in any means, it is pretty much good to think about why we bother about things countlessly whatever it is. Simply because it's the nature of life. Many people try to give different explanations for life. What people are going through and what they want to have or achieve, decide how they interpret life. It differs from person to person depending on their understanding through experiences, values, desires and wants etc.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

විශ්වවිද්‍යාලය යන්නෙහි අදහස විශ්වීය දැනුම කේන්ද්‍ර ගත කරන ස්ථානය ලෙස අර්ථකථනය කළ හැකි අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හෙවත් විද්‍යාර්ථියකු යනු දැනුම ගවේෂණය කරන පුද්ගලයකු ලෙස පෙන්වා දිය හැකිය. බොහෝ ශිෂ්‍ය සංඛ්‍යාවක් අතර පැවති විභාගයකින් තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාවක් අතරට ඇතුළත්ව විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමම ශිෂ්‍යයකු හිමි කරගන්නා ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. වසර ගානක් තිස්සේ පාසල් අධ්‍යාපනය නිමා කොට දෙමව්පියන් සහ වැඩිහිටි අධීක්ෂණය යටතේ හැදී වැඩුණු දරුවා ඔවුන්ගෙන් හුදෙකලාව සීමාවකින් තොරව නිදහසක් අත්විඳින කාල සීමාවක් ලෙස විශ්වවිද්‍යාල ජීවිතය හැඳින්විය හැකිය. විශ්වවිද්‍යාලය යනු ශිෂ්‍යයෙකුගේ වැඩිහිටි ජීවිතයේ වැදගත්ම ආරම්භක අවධියක් ලෙස ද තවදුරටත් පෙන්වා දිය හැකිය.

10 October 2023
03 August 2023
03 August 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2025, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search