ගිනි මධ්‍යහනේ දැණුන ගින්දර

රාත්‍රිය ද විපරීත කෙරුණි..

හතර දිබ්බාගයේ විප්ලවයේ හඬයි..

සියල්ලන් සුවසේ නිදන බව අවිනිශ්චිතය

 

සුභවාදී හෙටට දෑස් දල්වා ගත් බස්සෙක්ද..

ඉවසිය නොහැකි කැස්සක් ඇති යාචකයෙක්ද

නිවී දැල්වෙන කැඩුණු වීදි ලාම්පුවක් ද ..

ගරා වැටුණු සිතුවමේ අපර දිශානතිය යි

 

අරගලයේ අරගලයක් ලෙස ලියලන

හිතේ අරගලය ,

සියල්ලට වඩා පීඩාකාරී ය ..

අයාලේ වල් වැදුණු ආදරයේ අනාදරය ,

දමනය නොවන වියරුවකට මා ඇද දමයි

නින්ද සැනසීම මට අහිමි කළ ඔබ ,

ආදරයේ සුයාමයේ ස්වර හඬට අද

සවන් යොමන්නේ ද ?

මම නැවත ඔබෙන් නොඅසමි..

 

හිමාෂා රණතුංග

පළමු වසර 

සමාජ විද්‍යා පීඨය

 

සිතුවම - හන්සිකා මධුෂානි රණසිංහ