හෙට හිරු කිරණ නොදකිමි

අදින් සැම අවසන් කරන්නෙමි

බිඳුණු අතීතය ගැන නොසිතන්නෙමි

යලිත් නොඑනා හෙට ගැන නොසිතමි

මගේ පැතුමන් මගේ හැඟුමන්

හමන උඩු සුළගෙහි ම යවන්නෙමි

ගලන ඇල දොල පෙණ පිඬු අතරේ

උදෑසනක හිරු කිරණ අතරේ

සුපිපුණු කුසුමක රොන්සුණු අතරේ

නිසල සිරුරින් ඉක්ම ගිය මා

ආත්මය මම තොසින් රඳවමි

අවසන් දිවියම වනු යැයි

මගේ පැතුම ඒ හැම තැනම රඳවමි

 

අකිල මල්ලිකාරච්චි

ප්‍රථම වසර

ලලිත කලා අධ්‍යනාංශය

මානව ශාස්ත්‍ර පීඨය

 

සිතුවම - ජිත්මි අන්ජලිකා