අහස හැමදාමත් - පොළවට ආදරේ කළා

අහසයි පොළවයි - හැම මොහොතකම

එකිනෙකා දිහා බලන් හිටියා...

දෙන්නාගෙන් කාටවත්ම - ඕන වුණේ නෑ

අනිත් කෙනාගෙන් - ඇස් අහකට ගන්න

 

අහස වැස්සක් දුන්නේ

පොළවේ මල් පිපෙන්න,

පොළව මලින් හැඩ වුණේ

අහසට පේන්න...

දෙන්නා අතර පුංචි පුංචි

රණ්ඩු දබරත් - නැතුවම නෙවෙයි

ඒත්,

ඒක හරි අපූරු බැඳීමක්.

කවදා කොහොම කොතනදී

පටන් ගත්තා ද කියන එක

හැමෝටම රහසක්...

ඒත් තාමත්,

එකිනෙකා දිහා බලන් ඉන්නවා

එදා තරම් ම ආදරයෙන්

කවදාවත් එක් වීමක්

නැති බව දැන දැනම...

තව කොයිතරම් කල් ගියත්

වෙනසක් නෑ...

ඒ ආදරේ,

හරි පුදුමයි...

 

චමුදි නෙත්මිණි දිසානායක 

පළමු වසර

කැලණිය විශ්වවිද්‍යාලය