තවමත් මතකයි ඒ අතීතය 

ගෙවිගිය ළමා වියේ සෑම දෙයම සිහිවිය

අමතක කළ නොහැකිය ඒ මතකය 

ජිවීතයේ සැබැ යථාර්ථය එයම විය.....

සෙල්ලම් ගෙවල් නිතර හැදුවා 

කැළැ කොළ , ගල් කැට මිලකර විකුණුවා 

මොහොතින් මොහොත චරිත මැව්වා

මුළු දවසම විනෝදයෙන් ගෙව්වා.....

සුන්දර සිතුවිලි වලින් පිරිගිය

සෑම දෙයම සැහැල්ලුවෙන් සිතු 

යථාර්ථය ඒ වියේ තේරුන් නොගිය 

ඒ ජිවීතය විනෝදයේ පරාදිසයක්ම විය.....

ඈත මෑත නිදහසේ දිව ගිය

කෙළි ලොලින් පැටලී දඟකාරකම් කළ

අතීතය සුන්දරයි සෙල්ලමින් ගත කළ 

ඒ සමාජය අද සමාජය හැර ගොස්ය..... 

    

එච්.පී.එම්.එච්.උමේෂිකා ගයාශානි

පළමු වසර

ලලිත කලා අධ්‍යයන අංශය

මානව ශාස්ත්‍ර පීඨය