Articles
මගේ කඳුළු
- කවි
- Hits: 4180

සිනහව මුව පුරා සනහා හමුවෙන හැම විටදී
කඳුළු පරිස්සම් කර සඟවා හිත හැඬු විටදී
දිවියේ නොයෙක් දුක් ගැහැටම විඳ
සවියේ බලය විය යුතු තැන් ඇත නිබඳ
කවියේ පද වැලක පැටලී සෙනෙහ බඳ
දිරියේ අරුත වෙයි ගැහැණිය යදම් බිඳ
හීන වලට පාර කියන මග අහුරා යන ගමනේ
පේන ඈත තරමටවත් යාගන්නට බැරි වූවානේ
ගේන හිතේ හයිය මගේ කඳුළු කතා ලීවානේ
පාන සිනා තරමට මම හැඬුවේ ඉකි බිඳලානේ
වැලපීලා හැඬුවත් මා සිත පසු දිනයේ පිරි සිනහවකින්
තෙරපීලා දුක් ගිනි වැල් ගත දැවටී ඇති සේ පමාවකින්
වැනසීලා කී විටකදි දුර්වල හිත ගිනිගොඩකින්
සැනසීලා ඉන්නට විය සැඟවූ දුක් මතකයකින්.......
රවීනා අනුපමා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජයීය විද්‍යාපීඨය
03 August 2023
මරණය
10 October 2023
ආයෙමත් ආදරයෙන්
15 November 2022
මල්වර නැකත
21 February 2022
වැලන්ටයින් එන්න කලින්
01 February 2023
තනිකම
13 September 2022
රෝස මල
06 October 2022
බර අදින සිල්පර


