Articles
ඇටසැකිල්ල
- කවි
- Hits: 7287

සරදමක්ද මේ ජීවිතේ
හුස්මේ පමණට සුරැකෙන්නේ
නවාතැනකි කෙටි ආත්මයේ
කළ කම් පළ දෙන රොබෝවෙකි මේ…
ඇට සැකිල්ලට හමක් පොරවලා
බඹ දෙව් කුමටද මිනිස්සු මවන්නෙ..
කර් මය අනුවයි ආත්මෙ දීලා
අපි හැමදෙනාම ජීවත් කරන්නේ..
ඉතින් මොකට දැයි
පේෂල් අර ෂෙල් දාලා
හැවයක් පාට කරන්නේ…
කට්ටක් ඇතුලේ තියෙනා මොළයෙන්
තත්පරයක්වත් හිතලා බැලුවද…
මැරුණට පස්සේ හැවයත් දාලා
කටු ටික තියලා යන්නට වෙන බව…
කේ.ඉමාලි සහනිකා සේනාරත්න.
පළමු වසර,
මානව ශාස්ත්‍ර පීඨය.
කැලණි විශ්ව විද්‍යාලය.
13 November 2022
සරසවි ප්‍රේමය
08 May 2025
අප්පච්චි…
10 October 2023
ආයෙමත් ආදරයෙන්
06 June 2023
කලු හමට මම
28 December 2022
ප්‍රේමය !
23 September 2022
තනිකම
18 April 2023
අප්පච්චිට


