Articles
ප්‍රේමය !
- කවි
- Hits: 7521

පුද දිය යුත්තක් මිස...
නැවත පෙරළා ඉල්ලිය යුත්තක් නොව....
කරුණාවේ සෙනෙහසේ උත්කෘෂ්ට පරිත්‍යාගයක් මිස...
වෛරයේ සංකේතයක් නොව සැබෑ ප්‍රේමය පෙම් එය වූ කලී නම්....
සසරින් සසරට බැඳීමකින් හමුවූ
සංසාරගත පවුරු වලල්ලේ තවත් එක් මග නැවතුමක් මිස...
හමුවීම නැවත වෙන්වීමද ප්‍රේමය විය හැකිය.
අත්පත් කර ගැනීම පමණක් නොව සැබෑ ප්‍රේමය වූ කලී නම්..
නොලැබෙන දේ අත්හැරීම ද ප්‍රේමයයි ....
නමුදු දුර හිඳ බලා හිඳ සැනසීමට සැබෑ ප්‍රේමයයි .
සසරින් සසරට සංසාර මග නැවතුම්පොලන් එකිනෙකාට එතෙර වන්නට මග කියන ,සොඳුරු ඉසව්ව සැබෑ ප්‍රේමයයි .
එතෙර ඉමක් නොවන
දෙතැනක දෙහදක් අහම්බෙන් හමු වූ අව්‍යාජ බැඳීමක ශක්තිමත් යදමකි.
සැබෑ ප්‍රේමය වූ කලී නම්....
පී.එස් .නේෂලා
මනෝ විද්‍යා විශේෂවේදී දෙවන වසර
දර්ශන අධ්‍යන අංශය
කලා පීඨය
25 October 2022
නොලැබු හසරැල්
10 August 2022
සුදු අරලිය සොහොන
20 June 2022
රොබරෝසියා...
03 August 2022
සුළඟ හා මුසුවෙමි
15 May 2023
සයුරෙන් එතෙර කහවණු
20 June 2022
මගෙන් මටම
06 June 2023
කෙල්ලෙක් හින්දා


