Articles
ලිය
- කවි
- Hits: 5974

පුන්සඳ පියුම් විල මත ඉඟි කරන රැය
රන්දම් යදම් බැද සිර කළ හැකිද ලය
දම්වැල් රිදුම් ලිහ පුද කළ නග්න කය
පින්සල් තුඩඟ රැදි පැහැයෙන් මවයි ඇය
තුරුලිය මඬුලු බිද හළ රඟ පිරුණු පය
රන් පැහැ නුමුසු සායම් ගෙන හැඩය නිය
චංචල රිද්ම ඉඟ සුඟ සළු රතිය බිය
රළුධර හස්ත පහසින් යළි සුමට විය
සිත්තම් කෙරුන රන් රැස් පුන් හසරු සිය
ගෙළවට බැස්ම මතු කරවිය අඳුරු දිය
විහිදෙන අග්නි සේ දෙතොළත රත්ව ගිය
සිත්තරු හුස්ම ගත් සිතුවම නමින් ලිය
නිම්නදි ජයවර්ධන
මානව ශාස්ත්‍ර පීඨය
පළමු වසර
17 January 2022
පිරිමැදුම්
03 August 2023
සරසවි ආදරය
13 November 2022
ඔවදන
06 October 2022
බර අදින සිල්පර
25 October 2022
ඇටසැකිල්ල
21 February 2022
මං
01 February 2023
සතියකින් ආපස්සට


