Articles
මැරෙන්නට මොහොතකට පෙර : කියම් ද නොකියම් ද ?
- කවි
- Hits: 7047

මා පමණක් දන්නා ඒ අවිහිංසක ආදරය
මියැදුනාවේ මාත් සමඟම .... !
මක් නිසාද යත් ,
දන්නේ නම් නුඹ
මා හද ස්නේහයේ තරම
මා පාළු සොහොන් කොත මත
වැවෙන සුවඳැති මල් පවා
උදුරා දමනු ඇත නුඹ රුදුරු හදවත !
උගුලා දමා මුලෙන්ම ,
පාගා සිනිඳු මල්පෙති ,
ගිනිතබා මුඩුකොට ඒ බිම ,
වත්කරනු ඇත කොන්ක්‍රීට් නුඹ
හිත්පිත් නැතිවම !
වළලා දමනු රිසියෙන්
සදහටම ....
මගේ මතකය.
“දැන්වත් කියපන් !
මොකක්ද උඹට මගෙන් වුණු වැරැද්ද ? ”
ඉදින් හිතවත ,
මා පමණක් දන්නා ඒ ආදර කතාව
නුඹට නොකියා ,
වළදාලමි මා සමඟම ....
ඔව් , මටත් අවැසිය නොපෙනි යාමට.
නමුත් දඬුවමක් ලෙස නොවේ නුඹ දෙන.
මන්දයත් ,
වරදක් නොකළෙමි කිසිදාක නුඹට මම !
රිදවන්න රිදවන්න ආදරය කළා මිස.
සඳවි ජිත්මිණී රත්නායක
ප්‍රථම වසර
ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශය
මානව ශාස්ත්‍ර පීඨය
18 April 2023
පියෙකුගේ අවසන් කැමැත්ත
10 August 2022
වලාකුළු කතා කරයි
11 October 2022
මගේ පැල්පත
10 August 2022
In the midst of everything.
06 October 2022
පරණ වුණු අලුත් පොත්
04 April 2022
ආදරය එහෙමයි…
13 November 2022
වෙමි නුඹේ වැරදිකරු..


