කාලය හන්දියක් විණි නම්

හැරෙමි මම පසුපසට 

දුක්මුසු අතීතේ

අමිහිරි මතකයන්

ඉරා විසිකරමි

කීතු කිතූවලට

ලස්සන මතකයන්

සමඟ සැරිසරන්නෙමි

මම නිබඳ

එනමුදු කාලය හන්දියක් නොවේ,

හැරී යා නොහැක පසුපසට

එය සිතට ගෙන දේ ලතැවුල

 

හන්සිකා මදුෂාණි රණසිංහ

පළමු වසර

ලලිත කලා අධ්‍යයන අංශය

මානව ශාස්ත්‍ර පීඨය