අහස දෙස බලනු බැරි විට

වැසි වහි සිත  හඩවමින්

මට නුහුරු මේ තනිය ළඟ

ඉකිබිදියි සුසුමන් හෙමින්

 

විඩාබර සෑදැ අහස හොරහොරින්            බලන්

අසන්නේ මා එකදු පැනයකි                   තවත්

සුව සදන ඈ තුරුල ළඟ නැලවෙන්න       යලිත්

තව දුරද මං හොයන ඒ හීනෙට               ඉතින්

 

සිනාවක් නැති කාසි මත රැඳුන ජීවිත        මතින්

සිදාදිය හරි විඩාබරයි අම්මේ මට              ඉතින්

හිරුනැගෙන හිරු බහින දවස් විතරක්        මැදින්

අලුදූලි පිසලන්න වහින වැහිත් හරි සැරයි   ඉතින්

 

දුව එන්න අවැසිමුත් එන්නේ කොහොමද    අම්මේ

ගම්මානේ බස් රිය දැන් නැලූ නේද             පාරේ

නුඹ එව්ව ලියමන තුරුලේමයි                    අම්මේ

මං එනතුරු බලා ඉන්නවද  තවමත්              අම්මේ

 

 චන්දුපා රත්නායක

 සමාජ විද්‍යා පීඨය

 ප්‍රථම වසර