Articles
මගේ කවියක් ගානෙම
- කවි
- Hits: 5130

මං දන්නවා උඹ නවතිනවා
මගේ කවි වල එකම එක පේළියක
ඒ අස්සේ හැම කවියකම
උඹ හොයනවා එක ම එක වවනයක්
බොරු නම් නැවතිලා
ආයේ උඹෙන් ම අහපන්
ඒ " හුස්ම" නේද
ඉදින් අකුරු තුන දැක්ක හැටියේ
උඹ ලොකු හුස්මකින්
පපුව පුරෝගන්නවා නේද
ඔව් ! උඹ නොදත්තාට
මාත් ලොකු හුස්මකින්
පපුව පුරෝගන්නවා
ආයේ උඹේ ගැන කවියක් ලියන්න.
ඉදින් නොදැක්කට හැමදාම
මගේ කවියක් ගානෙම
උඹ මාව දකිනවා
අපි අපිට පෙනෙනවා නේද
නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු
ප්‍රථම වසර
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය
06 October 2022
IT IS A FEELING THAT EVERYONE WANT
06 October 2022
බර අදින සිල්පර
13 November 2022
අරුමැසි ගම් පියස
13 September 2022
බිම්බා දේවි නම් ඈ...
18 July 2022
Horror Awakening
13 November 2022
වෙමි නුඹේ වැරදිකරු..
17 January 2022
පිරිමැදුම්


