Articles
රැයේ සඳ අවදිව - මම හිඳි සුවසේ නිදිව
- කවි
- Hits: 3941

පිපෙන කුමුදුව සුවඳ කැන්දූ
දිලෙන තරුබර අහස රැන්දූ
නිවන සිතකට ඔසුවක්ය බැන්දූ
ගිමන නිවනා සිහිල නුඹ සඳ දෙව්දූ
අඳුරකින් අඳුරකට නොම ගොස්
අඳුරේම කළ එළිය කර රැස්
කඳුලේම තෙමි තෙමී ගිය ඇස්
නුඹ ගාව නැවතිලා නැත වස්දොස්
සිහිල් සළු පිළි අතුරලා සඳ වතුරේම යයි නැහැවිලා
තුරුලතා මල් නැලවිලා දැන් රැයම නිදියහනක් වෙලා
රහස් පැතුමන් සිහිවෙලා සිහිනයක් හැම හිතකම ඇඳීලා
ගීතයක් වෙලා මිහිරාව එක් වී ගයාලා
පළමු වසර
රවීනා අනුපමා
සමාජයීය විද්‍යා පිඨය .
18 July 2022
Who am I ?
15 May 2023
මගේ කතාව
20 March 2023
ප්‍රේමයෙ රහ බලා හිඳිමි..
28 December 2022
ප්‍රේමය !
06 October 2022
ගන්දබ්බයෙක් විය මා...
28 December 2022
බලාපොරොත්තුව
16 August 2022
බිඳුම් විඳිනෙමි ….


