Articles
කෙල්ලෙක් හින්දා
- කවි
- Hits: 7039

එපා යන්නට තුංමංහන්දි වල ගොම්මන් යාමේ
කන්නට එපා පුලුටු ජාති රස කර කර එළිපත්තේ
කරන්නට එපා තනිමංසලක සිට දියකෙළියේ
මං කෙල්ලෙක් හින්දා අවැසි මේ දේවල් නිරන්තරේ...
අපේ ආත්තම්මා පවසන මෙපවත් ගැන
මා සිහිකරයි නිතරම නින්දට යන්නටත් පෙර
නෑලු අවසර ගහකට නගින්නවත් කෙල්ලෙකුට
අනේ මන්දා!! ඇයි වෙනස්කම් මේතරම් කෙල්ලන්ට...
අවසර නැත පිටස්තරේ කොක් හඩලා සිනාසෙන්ට
යන්නට නැත කිසි ගමනක් යාළුවෙකු සමග කෙදිනක
මසකට වරක් දුන්නේ ඇයි වේදනාවන් අප හට
එවිටත් අවැසි නැත, පන්සලකට යන්නත් අපි කිළිය!!...
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය.
18 April 2023
හිත් පොඩ්ඩ....
03 August 2023
මරණය
27 June 2022
අප්රකාශිත ප්‍රේමය…
06 October 2022
ප්‍රශ්න පත්‍රය
09 January 2023
අම්මා
13 November 2022
ඔවදන
28 December 2022
ආදරණීය සිත්තම


