Articles
කුවේණියේ
- කවි
- Hits: 5520

නිති විදිමි නුඹේ සුසුමන් දිගැසියයේ
නෙත් කොනින් දුන් එක් බැල්මකින් කුමරියේ
ඇදුණු එ රුව ගෙන ගියා මා ආලයේ
ඔබ නැති තම්මැන්නාව අද පාලුයි කුවේණි යේ
ගෙතූ කපු රෙද්දේ පැහැය අද වෙනස්වී
සිතුණි ආලය කළා සරදමක් මට මුලාවී
කීවත් සෙනෙහෙ බස් ඔබ මගෙ ළගටවී
එනිසයි යක්කුලයම දෙපලු කෙරුවේ ක්රෝධයක්වී
දොස් පැවරුවත් මහ හඩින් ලාට රට
කුමරියක් මා ගෙන ගියා බොහෝ දුරකට
කෙදිනකවත් නැත සීමාවන් ආලයකට
නෑ ඵලක් මට නුඹ නැති ජීවිතයට
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්ර පීඨය
සිතුවම - එස්.දුලාංජි හංසිකා සමරතුංග
06 October 2022
දනිමි නුබ මගෙ බවම....
18 July 2022
ගිනියම් හදවත්
13 September 2022
බිම්බා දේවි නම් ඈ...
11 October 2022
සෙනෙහස...
16 August 2022
බිඳුම් විඳිනෙමි ….
03 August 2022
නුඹ නොදත් ඈ
06 June 2023
සිනාසෙනු දුටිමි ඔහු ඇය සමඟ ...


