Articles
අප්රකාශිත ප්රේමය…
- කවි
- Affichages : 6071
අතින් අත මඟ හැරුන
ප්රේමයක විලාපය
බුර බුරා නැගෙනවා
දකින විට ඔබේ මුහුණ
නොදෙඩුවත් ඔබ මුවින්
හදේ පෙම් කතාවන්
දොඩන්නම් පෙම්බස් හඳින්
හීන අතරින් ඔබ ළං කරන්
අප්රකාශිත ප්රේමයක
අයිතියක් නොකීවද
දුරයි කියලා හිතන තරමට
සමහර දේවල් සමීපයි මිනිසුන්ට
බී.ලක්ෂිකා මදුශානි
විශේෂවේදී දෙවන වසර
වාග්විද්යා අධ්යයනාංශය
මානවශාස්ත්ර පීඨය


