කාලීන

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

Meta ආයතනයේ Facebook, Instagram, Whatsapp අතරට එක් වූ නවතම යෙදවුමක් වශයෙන් Threads හඳුන්වා දිය හැකිය. වැඩිම  පරිශීලකයන් ප්‍රමාණයක් පසුකර ඇති මෙම Threads යෙදවුම ලෝකයක් කතා කිරීමට පටන් ගත් මාතෘකාවක් විය.

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

අප සංසාරයේ තණ්හාවන් පොඳි බැඳ ගෙන ඒවා සොයා ඒ පසුපස පිපාසාවෙන් දුවන්නා වු සත්ත්වයෝය. සියල්ල ක්ෂණිකයෙන් වෙනස්ව යන මේ ලෝකයේ ඇත්ත යථාර්ථයට මුහුණ නොඳි නැවත නැවත තෘෂ්ණාව නිසා සසර ගමන් කරති. සියල්ල වෙනස් වෙති. සත්ත්වයෝ දුක් වෙති. එසේ වුවද සංසාර චක්‍රය ගෙවා නිම කිරීමට උත්සාහ කරන්නේ ඉතා අල්ප පිරිසකි.

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

ලෝකයේ හැම සංසිද්ධියකට ම කාලගුණයේ කුමන හෝ බලපෑමක් පවතිනවා. ලෝක කාලගුණ දිනය සෑම වසරකම මාර්තු මාසයේ 23 වන දාට ලෝක කාලගුණ දිනය යෙදී තිබෙනවා. 2023 වර්ෂයේ කාලගුණ දිනයේ තේමාව වන්නේ " කාලගුණය, දේශගුණය හා ජලය පරම්පරාවන් තුළින් අනාගතය උදෙසා"  යන්නයි. 

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

ගෝලීය උණුසුම හෝ දේශගුණික විපර්යාස අද මානව වර්ගයාට විශාල තර්ජනයක් වී ඇත. එනම් ගෝලීය උණුසුම ඉහළ යාම මානව වර්ගයාගේ අනාගතය අනතුරේ හෙළීමට තර්ජනය කරන බරපතල පාරිසරික ගැටලු බවට පත් ව ඇත්තේය. මෙම ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස යන යෙදුම් බොහෝ විට එකිනෙකට වෙනස් ලෙස භාවිත වී අර්ථ දැක්වුව ද විස්තර කෙරෙනුයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, සුළඟ, වළාකුළු ආවරණ සහ වර්ෂාපතන මට්ටම් වැනි සාධකවලට බලපාන පෘථිවි කාලගුණයේ දීර්ඝකාලීන මාරුවීම් සහ ඉහළ යාම තුළින් මානව ක්‍රියාකාරකම්, මූලික වශයෙන් ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් පෘථිවිය සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය ඉහළ යාමයි.

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

සන්නිවේදනය වූ කලී මිනිසාටත් සත්ත්වයාටත් පොදු වූවකි. එනම් මානව හා සත්ත්ව වශයෙන් සන්නිවේදනය දෙයාකාර වේ. සත්ත්ව සන්නිවේදනය මානව සන්නිවේදනය තරම් දියුණු නොවුනත් සත්ත්වයින් තම අවශ්‍යතා  අනෙකාට සන්නිවේදනය කරනු ලබන්නේ මෙම සත්ත්ව සන්නිවේදනය ඔස්සේ ය. ඒ සඳහා සත්ත්වයින්ට ආවේණික වූ විවිධාකාර සන්නිවේදන ක්‍රම පවතී. එම සන්නිවේදන ක්‍රම තම වර්ගයාට තේරුම් ගත හැකි පරිදි නිර්මාණයය වී ඇත. ඔබ අවට පරිසරය නිරීක්ෂණය කිරීමෙන් ඒ බව වැටහේ. එනම් එක් එක් සත්ත්වයින් තම වර්ගයාට සන්නිවේදනය කරනු ලබන්නේ තමන්ටම ආවේණික වූ ක්‍රමයක් උපයෝගී කොට ගනිමිනි.

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

ව්‍යාපාර වර්තමානයේ රට තුළත් ලෝකය තුළත් කතා බහ කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. ව්‍යාපාර වල සංවර්ධනය, ව්‍යාපාරවල බිඳවැටීම ඒ තුළින් ආර්ථිකයට  වන බලපෑම පිළිබඳ බොහෝ මිනිසුන් උද්යෝගයෙන් බලා සිටියි.

සැබෑවටම ව්‍යාපාරයක් යනු, මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වුවමනාවන් තෘප්තිමත් කිරීමට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ආර්ථික කටයුත්තකි.

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

රටක සංවර්ධනය සඳහා රටකට හිමි භෞතික සම්පත් ප්‍රමාණය, ප්‍රග්ධන ශක්තිය හා මානව සම්පත බලපානු ලබයි. රටක භෞතික සම්පත් හා ප්‍රග්ධන හැකියාව කෙතරම් ඉහළ මට්ටමක පැවතියද එහි මානව සම්පත දුර්වල නම් වේගවත් සංවර්ධනයක් කරා ළඟාවීමට හැකියාවක් නොලැබේ. යම් රටක උගත්, බුද්ධිමත්, පුහුණු වෘත්තිකයන් රටකට අහිමි වීම සුවිශාල පාඩුවකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ රටට අවශ්‍ය හැකියාවන් සහිත බොහෝ පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වීම ශ්‍රී ලංකාවේ අනාගතයට ප්‍රබල ලෙස බලපෑම් ඇති කළ හැකිය. මහජන මුදලින් නිශ්පාදිත වෘත්තිකයන්, බුද්ධිමතුන් සම්පත් බහුල සංවර්ධිත රටවලින් පවතින ඉහළ ඉල්ලුමත්, වැටුප් වරප්‍රසාදත් හේතුවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීමට පෙළඹෙන අතර ඒ තුළින් අඩු ආදායම් ලබන රටවලට අත්වනුයේ ඛේදනීය ඉරණමකි. 

Etoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactivesEtoiles inactives

විදෙස් රටවල සේවය සඳහා යන අපේ රටේ ශ්‍රමිකයන්ගෙන් සියයට 48 ක් කාන්තාවන්‍ ය. එයින් සියයට 85 ක් ම විදේශගත වන්නේ ගෘහ සේවය සඳහා ය. වෙනත් රටවල ගෘහ සේවයේ තත්ත්වයට වඩා ලංකාවේ තත්ත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්‍ ය. එනම් මෙරට ශ්‍රමිකයන් ලෙස විදෙස් ගතවන විදේශ විනිමය විශාල වශයෙන් උපයාදෙන ගෘහ සේවය තුළ මේ වනවිටත් විශාල වශයෙන් ඛේදජනක ගණනාවක් කණගාටුවෙන් වුව ද වාර්තාවීමයි.

          බාලම දරුවාට වයස අවුරුදු පහ සම්පූර්ණ වන තුරු මව්වරු විදේශ රැකියා සඳහා යැවීම තහනම් කිරිම ඇතුළු දරුවන්ගේ ආරක්ෂාව සඳහා තිබූ නීති පවා වෙනස් කරමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ මව්වරු වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යැවීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග බරපතල ඛේදවාචකයන් නිර්මාණය කර තිබේ.

10 octobre 2023
3 août 2023
6 juin 2023
6 juin 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search