Articles
අත්හරිනු ද?
- කවි
- Affichages : 4741
අත්හරිනු ද?
දිවිය නම් රුදු
විස කටු මග මත
ඇවිද බොහෝ දුර
ආමි මෙතෙක් කල්
ඉසට උඩින් හිස්
ගගනත දිස්වෙයි
පතුල් පැලී රත්
ලෙයින් තෙමී යයි
පැතුම් ඉඳිකටුපාන
දෙපසින් ගොතමින්
නියත ඉම තෙක්ම
වාරු නැති කය යවමි
අතරමග හරිනු
බැරි නිසා එය .....
අකිල මල්ලිකාරච්චි
ප්රථම වසර
ලලිත කලා අධ්යනාංශය
මානව ශාස්ත්ර පීඨය
සිතුවම - තිළිණිකා ලක්ෂාණි


