Articles
ඔබයි මගේ කුස...
- කවි
- Affichages : 3789
සන්සාරගත බැදීමේ නිමක් දකින්නට
ආවා ඔබ සොයා මේ භවයෙත්
නැත ඔබ හට වැටහුනේ මගේ ආලේ
වීය ඔබට මා පිළිකුල් මුවක් ඇති රජෙක්…
රජෙකු වුවත් ආලේ නාමෙන්
මා හද පැරදුවා ඔබේ රූපෙන්
ඇයිදෝ මට හිමි කළේ කැවුමක් වන් නහයක්?
දෙවියනේ, නොතේරේ පවසන්න මට මෙපවත්...
පෙර ජන්මයේ මා කළ පවක් නිසාදෝ
උරුම කළේ මට මෙවන් අවලස්සන මුවක්
ඇයගේ ආදරේ බල මහිමෙන්
මා මිදේවා!!! මේ පව් කන්දෙන්...
ආලයකට කළ හැකි දේ පුදුමයි ලූ
දිවිය හැඩි වෙන්නත් හැඩ වෙන්නත් පුළුවන් ලූ
එනයින් ඇයි වේදනාවන් ආලය නිසාදෝ
ඔබයි මගේ කුස පවසන් මගේ පබාවති යෝ…
ඩබ්. පූර්ණා සෙව්මිණි.
පළමු වසර
කලා පීඨය


