Articles
ප්‍රේමයේ අසුන්දර නුඹට මා ඇසෙනවද?
- කවි
- Affichages : 3620

කඩ වීදි පහු කරන් තුරුල් වූ පෙම් පහස
සවන් පෙති අද්දරින් මුමුණමින් කී රහස
ලොවේ නම් දිවුරමින් මුලාවක කඩතුර ට
ප්‍රේමයේ නාමයෙන් විවර කළ දොරටුවට
සුසුම් යළි එක් කරන කී දෙනෙක් මෙහි ඇති ද
කදුළු තව හංගාන කොයි තරම් දැක ඇති ද
නොකිව්වට හිර කරන් විදවන්න දුර නැති ද
මල්සරා සුන්දරා නැත්තේ ඇයි දුක් ගන්නට
නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු
ප්‍රථම වසර
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය
30 août 2022
පහන් සිළ
16 août 2022
පැන්සල
27 juillet 2022
අරගලයේ කනිසම
6 octobre 2022
බර අදින සිල්පර
6 octobre 2022
ප්‍රශ්න පත්‍රය
11 juillet 2022
කිරි සුවඳ
18 avril 2023
කවිය


