Articles
සිනා රුව
- කවි
- Affichages : 5027

හදවතේ කැඩපතේ
තිබුණු ඒ හිනාවෙන්
නිවෙමි මං අද ද මේ
විඩාබර සැඳෑවෙත්
සියුමැලි ව වේළුණු නුඹෙ දෑත
දහක් බර දැරූ නුඹෙ හිත
මතක් කර කවි කී ඒ දෙනෙත
සියක් දරුවන්ට මඟ කීව
නුඹයි මේ පාරේ ගිය ගුරු තරුව
හිතට බර නැති නුඹේ රුව
ඉඳ හිටක හීනෙන් දුක ඇහුව
මවක් නුඹ මෙන් පින්සාර
ගොඩවීය වැඩිහිටි නිවහනට
දෙගඩියාවෙන් එවිට සිහි විය
අද ද හෙට දෝ මතකෙ බණවර
හිමාෂා රණතුංග
දෙවන වසර
මානව ශාස්ත්ර පීඨය
11 octobre 2022
සෙනෙහස...
18 avril 2023
හිත් පොඩ්ඩ....
15 mai 2023
මගේ කතාව
8 mai 2025
ආලයේ මාත්රා
16 août 2022
කවකටුව සහ පැන්සල
9 janvier 2023
කලු කුමාරයා
10 août 2022
හුස්ම!


