Articles
ප්‍රශ්න පත්‍රය
- කවි
- Affichages : 3679

කරනා සියල්ල ප්‍රශ්නයක්
නිවැරදි සියල්ල විසඳුමක්…
හේතුවේ අවසන ඵලය තියෙනවා
ඵලය ලබාගෙන හිත හිනැහෙනවා…
කොහොම වුනත් මෙහි වෙන්නට ඕනා
නිවැරදි ඵලයයි නෙලන්ට ඕනා…
කුමක්ද මොකටද ජීවිතේ
ඇරඹුනේ ම ප්‍රශ්නයකින් නේ…
පිළිතුරු සොයන්න සිදුවන්නේ
බුද්ධිය පෙරටුව ආත්මයේ…
නිවනට යන මග සොය පන්නේ
සත්‍යය වැටහෙන මිනිසුන් නේ…
ලිඛිත අලිඛිත වශයෙන් හරි අපි
හැමදෙනාම ළඟ ප්‍රශ්න ඇතේ…
පිළිතුරු වටේට කැරකෙන වුව මැන
නිවැරදි පිළිතුර තෝරන්නේ…
ජීවිතේ සරලයි- පිළිතුර මාරයි
ප්‍රශ්නෙ හමාරයි- බුදු වදනේ…
ජීවන ප්රශ්නය විසඳන පිළිතුර
නිර්වාණය යයි සිත් දන්නේ…
කේ.ඉමාලි සහනිකා සේනාරත්න
පළමු වසර,
මානවශාස්ත්ර පීඨය,
11 juillet 2022
කිරි සුවඳ
13 septembre 2022
බිම්බා දේවි නම් ඈ...
3 août 2023
සරසවි ආදරය
16 août 2022
The cocoon
18 avril 2023
අප්පච්චිට
8 mai 2025
නුහුරු පෙමක වස් කවි
27 juin 2022
අප්රකාශිත ප්‍රේමය…


