Articles
කෙල්ලෙක් හින්දා
- කවි
- Affichages : 5330

එපා යන්නට තුංමංහන්දි වල ගොම්මන් යාමේ
කන්නට එපා පුලුටු ජාති රස කර කර එළිපත්තේ
කරන්නට එපා තනිමංසලක සිට දියකෙළියේ
මං කෙල්ලෙක් හින්දා අවැසි මේ දේවල් නිරන්තරේ...
අපේ ආත්තම්මා පවසන මෙපවත් ගැන
මා සිහිකරයි නිතරම නින්දට යන්නටත් පෙර
නෑලු අවසර ගහකට නගින්නවත් කෙල්ලෙකුට
අනේ මන්දා!! ඇයි වෙනස්කම් මේතරම් කෙල්ලන්ට...
අවසර නැත පිටස්තරේ කොක් හඩලා සිනාසෙන්ට
යන්නට නැත කිසි ගමනක් යාළුවෙකු සමග කෙදිනක
මසකට වරක් දුන්නේ ඇයි වේදනාවන් අප හට
එවිටත් අවැසි නැත, පන්සලකට යන්නත් අපි කිළිය!!...
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්ර පීඨය.
15 novembre 2022
මට කුමට ?
27 juillet 2022
අරගලයේ කනිසම
20 juin 2022
රොබරෝසියා...
11 octobre 2022
කළු සුදු චරිත...
20 mars 2023
මංජුසාව
7 septembre 2022
කැලණි හඳ
6 juin 2023
කලු හමට මම


