Articles
වියරු වී ගිය තාරුණ්යය
- කවි
- Affichages : 6927

වියරු වී ගිය තාරුණ්යයට
අනූව දශකයේ උපන්
මා වෙතින්..........
නොම කරන්
ඔහොම කෝලං
බලං බැරි තැන
අහක බලපං
කෝ උඹලගේ
නිදහස
කෝ උඹලගේ
මදහස
ළමා මනසේ
ඇති අදහස
නැති නිසා
නොවෙද මේ
වෙන විනාස
අම්මා අප්පා
හඳුනගන්නේ
නැහැ
අයියා අක්කා
ගැන දන්නේම නැහැ
බලාපන් උඹලගේ
නාඩගමේ අරුමේ
කෙලිදෙලෙන් ගත කරපු
දොල දියේ දඟ දමපු
ළමා හිත් පොඩිති ගී ගයපු
කෝ උඹලගේ ඒ නිදහස වියපු
කොටන වා දෙස බල බලා හිනා වී
ටික් ටොකය පෝනයේ ඇත මුලාවී
බියක් ලැජ්ජා නැතය වැඩිහිටි ඉදිරියේ දණ නොනමාවී
කෝ තිබුණු දැන් ළමා කාලේ උඹලගේ දැන් එය නිමාවී ..........
එස්.එන්.ආර්.අනුපමා
පළමු වසර
සමාජීය විද්යා පීඨය
9 janvier 2023
කැලණි කන්ද
11 octobre 2022
සෙනෙහස...
23 septembre 2022
තනිකම
6 juin 2023
කලු හමට මම
13 septembre 2022
උමතු අමුතුව.
25 avril 2022
සඳට ආදරෙන්...
11 octobre 2022
Chasing for “online” freedom


