Articles
අප්පච්චි…
- කවි
- Affichages : 2704
ආදරයෙන් හිස අතගා මගේ අප්පච්චී
දුන් ඔවදන් හැමදාමත් මට සිහිවෙච්චී
එදා ඔබේ ඇගේ පෙරළි හුරතල් වෙච්චී
මමයි ඔබේ නිතර දොඩන ඒ දෙමලිච්චී
සොබාදහම කියල දුන්නු මගෙ අප්පච්චී
සියලු සතුන් මට යාලුවො කල අප්පච්චී
කර උඩ පොඩි මාව තියන් ඇවිදපු අප්පච්චී
මගේ ලොවේ මගේ රජුන් ඔබ අප්පච්චී
මා ඉපදුන දා සිට ඔබ විඳි දුක් ගොන්න
මතකයි මට ඕනෑ නුඹෙ ළඟම රැදෙන්න
වෙහෙස වෙලා ඉගෙනගනිමි නුඹ වෙනුවෙන්ම
දිනකදි පළඳිමි නුඹෙ හිස මත නුඹේ ඔටුන්න
ඔබ වියපත් වුන දා ඔබ ළඟම සිටින්න
ඔබ මා රැක ගත් අයුරින් ඔබ රැකගන්න
මේ ලෝකයෙ වටේ නුඹව එක්කන් යන්න
හීන දකිමි අප්පච්චී මා නිරතුරුව…
ඩබ්. එස්. බී. කොළඹගේ
අබාධිතතා අධ්‍යනාංශය
වෛද්‍ය පීඨය


