Articles
ගැඹුරු හුස්මක්
- කවි
- Hits: 5731

අඩක් ඉදිකළ ප්‍රේමයේ නගරය
සුනු විසිනු වී ගිය මල් ලියකම් මැද
සිනහා ගිනි ඇවිලෙයි
යහන තෙමෙන කඳුළු ගඟ මැද...
සුදු පාට කඩදාසියක
නේක වරනින් සිත්තම් කළ ද සිතුවම
නොහැගුනේ මන්දැයි
මගේ නොවන බව
සිතත් එක්ක අරගලය...
අසවලා දකීවිද
උනෝතින් ලැජ්ජ සනුහරේටම
නොයෙක් යදමින් බැඳී ගෙල මුල
හුස්ම ගන්නත් අරගලයක..
කවි කමින් බැඳි කවි කලත්
පෙම් දමින් බැදි පොත්වලත්
නොවිසඳුන එක් ඡේදයක්
හරි මැදට වන්නට අරගලයක
උපනොත් ජීවයක්
ජීවයේ ජීවත්වීමට
ජීවිතය අරගලයක
ඒක මහ ගැඹුරු හුස්මක්...
හේමමාලී වඩුගේ
විශේෂවේදී තෙවන වසර
වාග්විද්‍යා අධ්‍යනාංශය.
13 September 2022
බිම්බා දේවි නම් ඈ...
20 March 2023
මංජුසාව
30 August 2022
අතීතයේ මතක
04 July 2022
මං කවියක්
28 December 2022
නුඹ දන්නවද..
11 October 2022
සෙනෙහස...
10 October 2023
බක්මී හසරැළි


