Articles
කලු කුමාරයා
- කවි
- Hits: 6274

කලු නෙලුම්මලේ, කලු කිරි අම්මාගෙන් උපන් මම
කවුරුත් පවසන කලුවන් වූ කුමරු මම
ගතින් කලුවූවත් නැත හිතේ කලු පැහැය
මන්ද බයයි ගැහැණුන් මා සිහිනෙන් දුටුව විට...
ආදරයක් නැති හිස් වූ හිත් කොනකට
එබී බැලුවත් ඔවුන් පවසයි මෙමට විවේචන
දනිමි මමත් අහිමි සෙනෙහසක වියෝගය
ඒකයි බැලුවේ නුඹ තනි කරන්නට බැරිම තැන...
කවුරුන් කළත් මා හට චෝදනාවන්
නැත මගෙ හිතේ රවටන්නට කිසි මුලාවන්
කළේ නැත තනි වූ ගැහැණුන්ට වේදනාවන්
දුන්නේ අවන්ක පෙමයි මේ කලු කුමරුවාණන්...
ඩබ්. පූර් ණා සෙව්මිණි.
මානව ශාස්ත්ර පීඨය
පළමු වසර.
06 October 2022
මගේ කඳුළු
30 August 2022
පුතුට ඔවදනක්........
18 April 2023
පැතුමන්
10 August 2022
වලාකුළු කතා කරයි
21 February 2022
මං
04 April 2022
ආදරය එහෙමයි…
18 April 2023
හිත් පොඩ්ඩ....


