Articles
මගේ කඳුළු
- කවි
- Hits: 5551

සිනහව මුව පුරා සනහා හමුවෙන හැම විටදී
කඳුළු පරිස්සම් කර සඟවා හිත හැඬු විටදී
දිවියේ නොයෙක් දුක් ගැහැටම විඳ
සවියේ බලය විය යුතු තැන් ඇත නිබඳ
කවියේ පද වැලක පැටලී සෙනෙහ බඳ
දිරියේ අරුත වෙයි ගැහැණිය යදම් බිඳ
හීන වලට පාර කියන මග අහුරා යන ගමනේ
පේන ඈත තරමටවත් යාගන්නට බැරි වූවානේ
ගේන හිතේ හයිය මගේ කඳුළු කතා ලීවානේ
පාන සිනා තරමට මම හැඬුවේ ඉකි බිඳලානේ
වැලපීලා හැඬුවත් මා සිත පසු දිනයේ පිරි සිනහවකින්
තෙරපීලා දුක් ගිනි වැල් ගත දැවටී ඇති සේ පමාවකින්
වැනසීලා කී විටකදි දුර්වල හිත ගිනිගොඩකින්
සැනසීලා ඉන්නට විය සැඟවූ දුක් මතකයකින්.......
රවීනා අනුපමා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජයීය විද්‍යාපීඨය
03 August 2022
නුඹ නොදත් ඈ
16 August 2022
හරි පුදුමයි...හරි පුදුමයි...
25 October 2022
ගෙවී ගිය කොහුමිට
10 August 2022
සුදු අරලිය සොහොන
27 July 2022
මධු රාත්‍රිය…
06 June 2023
ලිය
26 September 2022
මගේ කවියක් ගානෙම


