Articles
ආයෙමත් ආදරයෙන්
- කවි
- Hits: 6884

පරණ සුවඳක් අරන් ඇවිදින් ආයෙමත් ආදරයෙන්
නිවන සිසිලයි කවදා කොහෙදිත් මහගෙදර මතකයන්...
දිරපු උළු වහු අතර පතරින් බේරී එන වැහි බිංදුවක්
නිදපු හැටි මතකේම තවමත් තියේ නැහැ එහි කිසිම රහසක්
කියපු රහ කවි කතන්දර අම්මගේ තුරුලේ නොනිද මහ රැයක්
දැකපු ඒ මහගෙයි අතීතයේ පහන නිවිලා මතකයක්......
සෑමදා නොවරදා සිංහල අවුරුද්ද සැමරුව තාත්තා
නොවරදා මහ ගේ ම පාටින් පාට කෙරුවේ තාත්තා
මෙදා දැලි බැඳි කුස්සි බිත්තියේ හයිය කළුවර ගහට ගත්තා
එදා වාගේ නොවෙයි මහගෙයි හුඟක් දේ නැතිවෙන්න ගත්තා
එස්.එන් රවීනා අනුපමා
පළමු වසර
සමාජයීය විද්‍යාපීඨ
11 October 2022
කළු සුදු චරිත...
10 August 2022
සබ්බං පහාය ගමනීයං!
27 July 2022
දෑස දැල්වේ කඳුළින්ම බොඳවී
13 November 2022
අරුමැසි ගම් පියස
07 September 2022
මගේ පැල්පත
16 August 2022
හරි පුදුමයි...හරි පුදුමයි...
18 April 2023
හිත් පොඩ්ඩ....


