Articles
ගන්දබ්බයෙක් විය මා...
- කවි
- Affichages : 3917

වස්සාන ඍතුවේ එක් මැදියම් රැයක
ඔබේ කුළුදුල් මතක අතර යලිත් සිරවිය
එනයින් මා ලද උරුමය කිමෙක් ද?
එයයි මාගේ ගන්දබ්බ ආත්මභවය...
ඔබේ ආදරයෙන් මුකුලිත වූ මගේ හිත් අද්දරට
ආවා සොයා ඔබේ නිමක් නැති සෙනෙහස
අතරමං විය මා දෙලොවක් අතරක
මෙයයි මා ඔබ වෙනුවෙන් ලද උරුමය...
ඔබේ ආදරයට මා එදා කළේ ලෝභය
අද මට උරුම කළේ මේ ගන්දබ්බ ආත්මභවය
එපා මිතුර කරන්නට අපිරිමිත ලෙස ප්‍රේමය
සියල් අස්ථිරයි සිතා ගෙවනු ඔබෙ දිවිය...
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය.
18 avril 2023
පා සළඹ...
1 février 2023
තනිකම
21 février 2022
මං
10 octobre 2023
සඳ අයිති අහසට ආදරෙන්..
11 juillet 2022
කිරි සුවඳ
18 avril 2023
කවිය
8 mai 2025
ආලයේ මාත්‍රා


