Articles
හිමිසඳුනි මං උතුනි වූවා ...
- කවි
- Affichages : 5492

සරණයට අත බැඳන් හිමියනි
දොළොස් වසරක් ඔහේ ගෙවුණා
හැමදාම වගේ පුරුදු පරිදි ම
ඊයේ රෑ මං උතුනි වූවා ...
කියන්නට කිසිවකුත් ළඟ නෑ
හිටි අයත් බෝ දුරක හින්දා
එළිය වැටුණත් නැතිම ගාණයි
අත තියන් මං කඩේ දිව්වා ...
රකුසු ඇස් දෙක ලොකු කරන් ඈ
කොළේ වහලා අතට දුන්නා
පැන්න එළිපත මුල ම හිමි ඔබ
හෙළපු සුසුමක් බරට රැඳුණා ...
කිරි ගෙදරකට වැඩියේ නැතුවට
මමත් පතිදම් සොඳින් රැක්කා
ඒ නිසාමද අනේ මන්දා
මාසේ පෝයත් විහිළු කෙරුවා ...
කට්ට කරුවල රෑට මල්වර
කඳුළු හොරැහින් ඇහින් වැටුණා
රැලි පළුද්දක් නොමැති යහනත
නුඹට මං සුදු මලක් තිබ්බා ...
යළිඳු කුංචන ජයවීර
සිව්වන වසර
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය
13 septembre 2022
උමතු අමුතුව.
9 janvier 2023
අම්මා
27 juillet 2022
මධු රාත්‍රිය…
8 mars 2022
ඇය …
17 janvier 2022
පිරිමැදුම්
28 décembre 2022
නුඹ දන්නවද..
16 août 2022
මං එනතුරු


