Articles
පා සළඹ...
- කවි
- Affichages : 7782

වැලිකෙළියේ බැදි ආලේ
එදා නුඹ පෑ කොදමල් සිනාවේ
උමතුවක් වී ද? මසිතේ
සිහිවෙයි දුටු විට පා සළඹ නුඹේ...
උඩරට බෙරපදයට තිබූ මැන්ඩියට
අදටත් හැඩයි නුඹෙ නෙරිය
එනමුත් මා දෙනුවන් වසග කළේ කුමකට ද?
කිසිවක් නොව නුඹෙ පා යුගලයට...
පියඹා ගියා කාලය ඇසිපිය සලන ක්ෂණයෙන්
නුඹත් ගියා වෙන පෙමක පැටලී රහසින්
මා ගොලුවෙකු නිසා කළ හැකි ද? ආලයක්
අදටත් ගොලුයි මගෙ හදවත නොකියූ පෙමින්...
ඩබ්. පී. සෙව්මිණි
මානව ශාස්ත්ර පීඨය
පළමු වසර
7 septembre 2022
මගේ පැල්පත
8 mai 2025
ප්රේමයේ මුළාව
16 août 2022
බිඳුම් විඳිනෙමි ….
21 février 2022
වැලන්ටයින් එන්න කලින්
28 décembre 2022
හිමිසඳුනි මං උතුනි වූවා ...
13 septembre 2022
උමතු අමුතුව.
13 novembre 2022
වෙමි නුඹේ වැරදිකරු..


