Articles
ආදරණිය නොරිකො
- කවි
- Affichages : 5589

ජපානයට මා ආගන්තුක වුවද ,
නැත මට දැනුනේ ආගන්තුක බවක් නම්
මිදෝරයෙහි එදා ආ සුපුරුදු සුවඳ අදත් මට මතකයි...
දහස් අවන්හල් එහි තිබුණ ද,
පෙර මා ආ බවක්
මා හට හැඟුණි මිදෝරිය දකිද්දී..
හුරුපුරුදු පාරක
නමුදු ආගන්තුක රටක
ම්දොරියටම මා හිත ඇදී ගියේ දැයි ,
මා තවමත් නොදනමි.
ඒත් නොරිකො.
සංසාරික ප්‍රේමයක
නැවත භවයක මුණගැසීමක් බැව් නම් මා දනිමි.
නමුදු කිසිදා මුණගැසීමක් නොවුවද.
නුඹගේ හමුවීම ද
ප්‍රේමයකි.
නැවත භවයක සුන්දර හමුවීමකට
අවසරයි නොරිකො.
මං දෙවොන්දරා සං
පී.එස් නේෂලා
මනෝ විද්‍යා විශේෂවේදී දෙවන වසර,
දර්ශන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය.
27 juillet 2022
අත්හරිනු ද?
6 juin 2023
ලිය
15 novembre 2022
මල්වර නැකත
8 mai 2025
ආලයේ මාත්‍රා
1 février 2023
සතියකින් ආපස්සට
16 août 2022
කවකටුව සහ පැන්සල
13 septembre 2022
කාලෙකට පස්සේ අද …


