Articles
ආදරණිය නොරිකො
- කවි
- Affichages : 7597

ජපානයට මා ආගන්තුක වුවද ,
නැත මට දැනුනේ ආගන්තුක බවක් නම්
මිදෝරයෙහි එදා ආ සුපුරුදු සුවඳ අදත් මට මතකයි...
දහස් අවන්හල් එහි තිබුණ ද,
පෙර මා ආ බවක්
මා හට හැඟුණි මිදෝරිය දකිද්දී..
හුරුපුරුදු පාරක
නමුදු ආගන්තුක රටක
ම්දොරියටම මා හිත ඇදී ගියේ දැයි ,
මා තවමත් නොදනමි.
ඒත් නොරිකො.
සංසාරික ප්රේමයක
නැවත භවයක මුණගැසීමක් බැව් නම් මා දනිමි.
නමුදු කිසිදා මුණගැසීමක් නොවුවද.
නුඹගේ හමුවීම ද
ප්රේමයකි.
නැවත භවයක සුන්දර හමුවීමකට
අවසරයි නොරිකො.
මං දෙවොන්දරා සං
පී.එස් නේෂලා
මනෝ විද්යා විශේෂවේදී දෙවන වසර,
දර්ශන අධ්යයන අංශය
සමාජීය විද්යා පීඨය.
20 mars 2023
වැද්දාගේ පාපොච්චාරණය...
18 avril 2023
පියෙකුගේ අවසන් කැමැත්ත
25 octobre 2022
නොලැබු හසරැල්
20 juin 2022
මගෙන් මටම
3 août 2022
නුඹ නොදත් ඈ
28 décembre 2022
හිමිසඳුනි මං උතුනි වූවා ...
13 septembre 2022
උමතු අමුතුව.


