මාණික්කාවතෙන් අරගලයට
- කවි
 - Affichages : 3002
 
අක්කා සීලවති ඇයගේ පුතු තිදෙන
දැක්කා රූපවාහිනියෙන් ගෙවුණ දින
අක්කාමදැයි සෝදිසියෙන් බලාවන
සෙනෙහෙලතා ! කෑගැසුණා මට එසැණ
කඩිමුඩියේ දුවගෙන විත් මා අසළට
ඇසුවා කිම හේතුව මේ කලබලයට
පෙන්නුවා හනික දරුවන්, අක්කා ඇයට
පත්වුණි විගස ඇය මා සේ පුදුමයට
අයියා සිරිනයන ඡන්දය දිනු වේලේ
සතුටින් ඉපිල අක්කා සිටියා එවෙලේ
බරටම වැඩ කළා ඡන්දෙට පුතු ඇයගේ
පුදුමයි මෙදා එරෙහිව ඔහුටම කාලේ
අයියා එදා සිට පතලෙ වැඩ කරලා
ඡන්දය ඉල්ලුවා ජනතාවගේ හිත් දිනලා
ඔහු පෝසත් වුණා මන්ත්‍රී කම් දරලා
පසුවට හෙළිවුණා දිනුවෙත් වංචා කරලා
ඔහු පන්නා දමනට මන්ත්‍රී ධූරෙන්
එක්විය සැවොම අගනගරෙට රත්නපුරෙන්
අක්කා සහෝදරකම පසෙකට දමමින්
එක්වීය අරගලයට සිය පුතු සමගින්
ඩබ්ලිව්. ආර්. කෞෂල්‍යා තිලකරත්න.
ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පළමු වසර
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය,
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය.

							
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                