හන්තාන වැසි
- කවි
- Affichages : 5462

මේඝයක ඔබ මවෙත එව් ඒ ලිපිය
හැර බැලුවා
ගිටාරයේ තත් වරින් වර හදවතට
කිති කැවුවා
මතක දිග හැර නැවත හකුලා
පසෙකලා තැබුවා
උඳුනේ උණුහුම ගතට ලබමින් කෝපි
රස බැලුවා
හන්තාන කන්ඳේ පහස ලත් සිසිලසක්
දුව ආවා
ඇහැළ මල් හිරිපොදේ තෙරපි බිම
පතිත වූවා
මහවැලිය වැහි බිඳු එකතු කර නව
රටාවක් මැවුවා
නුවර වැස්සේ තෙමෙන්නට හිත
ඉල්ලීම් කෙරුවා
හිමාෂා රණතුංග
මානව ශාස්ත්ර පීඨය
දෙවන වසර
8 mai 2025
අප්පච්චි…
6 octobre 2022
පරණ වුණු අලුත් පොත්
15 novembre 2022
තූරු
7 décembre 2022
දොරටු විවර කරේ නුබයි අප්පච්චි අහස් මාලිගා තනන්නට ........
3 août 2023
මරණය
3 août 2023
ජීවිතය
17 janvier 2022
නොපායන දේදුන්න


