රන් මුදුව ගැළවෙද්දි...
- කවි
- Affichages : 3857

ලෝකයක් එක්ක මං නුඹ හින්දා පැටලෙද්දි
ආදරේ ශක්තියක් හිත පුරා පැතිරෙද්දි
පවුලේ උන් උදවියත් අකැමැත්ත පවසද්දි
නුඹ එක්ක ගෙට වුණේ ස්නේහෙ නුඹෙ වැඩි වෙද්දි
නුඹෙ ලෝකේ අහිංසක සුර දෙව්දු මම වෙද්දි
ආදරේ සුවද අපෙ හිත් වලට තැවරෙද්දි
පණට පණ දෙන්නෙමැයි ඇස් වලින් කිය වෙද්දි
හීන කදු පොදි බැදන් අහස් මග පිර වෙද්දි
කාගෙදෝ ඇස් වහක් වැදී අප විසිරෙද්දි
බත් කටක් ඉදුණමුත් රණ්ඩු තව වැඩි වෙද්දි
අපහාස නින්දාව රෑ දවල් එළි වෙද්දි
පන්සලක පල්ලියක පඩුරු අත සිර වෙද්දි
කිරි සිහින දුර නිසා කූඩුවක නග්ගද්දි
පෝරුවේ දුටු නුඹේ සිනා මට සිහි වෙද්දි
කදුළු මගෙ ඇස් වලින් වැටි වැටී බොද වෙද්දි
ඉවත ගිය නුඹෙ දෑස් ළග හිතම රිද වෙද්දි
කූඩුවෙන් බැස්සා මං රන් මුදුව ගැලවෙද්දි
ලෝකයක් ඉදිරියේ වද ගෑනි මම වෙද්දි
අලුත් මනමාලියක් නුඹෙ අතේ එල්ලෙද්දි
දෙපා පොඩි එසෙව්වෙමි හුස්ම මගෙ හිර වෙද්දි
W.නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු
ප්‍රථම වසර 2020
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය
3 août 2022
අප්පච්චි
6 octobre 2022
රතු සහ ගැහැණිය
10 octobre 2023
මැරෙන්නට මොහොතකට පෙර : කියම් ද නොකියම් ද ?
6 octobre 2022
ගන්දබ්බයෙක් විය මා...
28 décembre 2022
බලාපොරොත්තුව
11 octobre 2022
ආදරණීය සරසවිය
15 mai 2023
සයුරෙන් එතෙර කහවණු


