මගේ කතාව
- කවි
- Affichages : 5820

වසන්තයට මල් පිපුණත්
කිවුවත් නොදත් ගමිතුලානෙකි
අරක මෙකෙ කෙසේ වෙතත්
යුද්දේ සාමේ ඇසු පමණින්
සැවොම දන්න පළාතකි ...
වැවෙන් වෙලෙන් එගොඩ වෙලා
පාසල් ගිය නිමේෂයකි
යහලු යෙහෙලි මිතුරැ කැලැක්
එක් වුණ එක් ඉඩෝරෙකි …
පුංචි එවුන් ලොකු උනාම
යහලුකමට අකුල් හෙලන සමාජෙකි
උස් උස් අතු පොඩි පොඩි අතු
බර මනිනා තුලාවකි ...
ගමේ උන්න ප්රභූ පෙළට
හිස නැමු එක් නිමේෂයකි
දුප්පත් යැයි මඩ ගැසුවත්
මගේ පියා අපව රැක්ක
සුර දුතයෙකි ...
අහල පහල ගමි උදවිය
කියු කියමන් පයින් ගැසු සිනහවකි
නොකා නොබි දර දිය ඇදි
මගේ අමිමා දෙවිලිය වැඩි
සුර දෙවිලිවකි...
වසර එකයි තුනක් දිගට
වෙහෙසුන සැඩ කුණාටුවකි
ජීවිතයේ හොදම හරිය
ලැබෙන තුරා බලා උන්න තුන් මසකි ...
නිවුස්වලට ගිය වදනෙන්
හදවත හැඩි වෙලාවකි
ජය අංකය දුරකතනය හා බැදි
එක් නිමේෂයකි ...
ජිවිතයේ කටුක ඉමක්
ජය ගත් අඩ හෝරාවකි
අමිමා තාත්තා එකට හැඩු
සංවේදිම යාමයකි ...
සරසවියේ හැඩහුරැ කම
දෑසේ ඇදුන නිමේෂයකි ...
මැටියෙන් කල පොල් අතු පැළ
තුටට හැඩුව නිමේෂයකි ...
එහෙට මෙහෙට ගෙවි ගියපු
මගේ ජිවිතේ එක් නිමේෂයකි ...
හර්ෂිකා උදයංගනී
13 septembre 2022
නිහඬ නැගණිය
16 août 2022
ඔබයි මගේ කුස...
6 octobre 2022
IT IS A FEELING THAT EVERYONE WANT
6 octobre 2022
ප්රශ්න පත්රය
18 juillet 2022
අකල් වැස්සට තෙමුණු මලක්...
27 juillet 2022
දෑස දැල්වේ කඳුළින්ම බොඳවී
16 août 2022
කවකටුව සහ පැන්සල


