නිහඩ පෙම
- කතා
 - Affichages : 2585
 
" අප්පේ බලන්න එපැයි දෝණියාගේ ලස්සන"
" ඇස් වහක්නම් වදින්න එපා දෙයියනේ."
" අපේ අයියගේ හැමදේම "
" අද ඒ මනුස්සයා කොහොම ඉදියිද මන්දා"
වට පිටින් මන් ගැන කතාවෙන එක එක විදිහේ හඩවල් ගොඩක් මට ඇහුණා. කලු ලෝගුව ඇදලා උපාධි සීනය හැබෑවක් වුනාට පස්සේ වෙන කෙල්ලෝ වගේම මමත් දැක්ක ලස්සන හීනයක් හැඩ ගැන්වෙන්න පටන් ගත්තා විතරයි ඔන්න. වෘතියෙන් නීතිඥවරියක් වුන මම නිමෙත්මා බණ්ඩාර. …
පෙරුම් පුරාගෙන කලු ලෝගුව පලදින්නට වගේම ඒ හීනෙට පේ වුනාට. අදනම් හිත කියන්නේම ලොකුම ලොකු කතාවක්.මගේ හිතේ රජකම් කරේ මගෙන් වැදුම් බුහුමන් ලැබුවේ මේ අවුරුදු විසි අටට එයා වුනාට අද ඉදන් තවත් කෙනෙක්ට ඒ ආදරය මන් බෙදන්න ඕනද . එයාගේ මැනික දීලා කොහොමද එයා ජීවත් වෙන්නේ.... ප්‍රශ්න වැලක්.හිත දුක වේදනාවට කිටි කිටියේ ගුලි වෙලා. ඒත් මන් ඒ ගමන යන්නම ඕනලු. තවත් බැරිම තැන මන් ඉස්සර වුණා.
" සුදු නැන්දේ කෝ අප්පච්චි ."
" අප්පච්චි ඉස්සරහට වෙලා ඇති මය පුතේ."
" නැන්දේ අප්පච්චිට එන්න කියනනකෝ."
ඇස්වලින් කදුලු බින්දුවක් කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි මන් ආයෙත් බිදුණු හඩින්
" අනේ සුදු නැන්දේ අප්පච්චිට එන්න කියන්නකෝ."
ඔව් අප්පච්චිට වගේම දුකක්දී සතුටකදී මටත් ඕනි මගේ ලොකේ. මාව ඉපදෙද්දිම වදයක් බව තේරිලා අම්මා මාවයි අප්පච්චිවයි තනිකරලා වෙනම ලොකෙකට යද්දි එයාව ජීවත් කරේ මමලු. මටනම් මතක නෑ. හැබැයි මට මතක ඇති කාලේ ඉදන්ම මගේ අනික් යාලුවෝ පස්සෙන් එයාලගේ අම්මලා ඉද්දි මට හිටියේ අප්පච්චි .
" පුතේ ඔයා තමා ලෑස්ති කරලා ඉවර නෑ. අනෙක මේ සාරියත් බාගෙට පටලන්."
" ඒවනම් ප්‍රශ්න නෙවෙයි නැන්දේ."
කොච්චර උපාධි ගැහුවත් එයාගේ දගමල්ල ඒ විදිමයි.ඔව් මන් එයාගේ දෝණිනේ.
" ඉක්මනින් අප්පච්චි ගෙන්නමු මය පුතාගේ හැඩ බලන්න."
සුදු පාටට හුරු පබලුවලින් හැඩ වුන සාරිය මගේ ඇග වටා එතිලා.මන් කොහොමත් හැම ඇදුමකට හැඩයිලු අප්පච්චි කියන්නෙ එහෙම. රෝස පාට, රතු පාට පුයර වර්ග ලිප්ස්ටික් වර්ග අද මාව තවත් ලස්සන කරලා. මාත් මාව ලස්සනට දැක්කා. ඒත් ඒ ලස්සන මට විදින්න නොදී මන් ගියේ අතිතෙට.
" අප්පච්චි මේ මගේ ඇදුමේ ලේ."
අප්පච්චි කියන්නෙ හැමෝටම වගේම මගෙත් ලෝකේ. අම්මා නැති මට කොහොමත් අප්පා ලෝකයක් . මතක ඇති විදිහට මන් ස්කෝලේ 8 වසරේ. ඉසෝලේ ගිහින් එද්දි මගේ යට ඇදුම පුරාවටම ලේ. කොහොමත් මන් හැමදේම බෙදා ගත්තෙ කෑවේ බිව්වේ නිදාගත්තේ දුකක් දැනුනම ඇඩුවේ හයියෙන් හිනා වුනේ කෑ ගැහුවේ හූ කිව්වේ මගේ අප්පච්චි එක්ක එකට. එදත් මන් තේරගත්තේ අප්පච්චිව.එත් ඒ ලේ බින්දුව අපිව ඈත් කරයි කියලා හිතුවේ නෑ.අනික අප්පච්චි කෙනෙක් කොච්චර අසරණ වෙනවද කියලා එදා මට තේරුණේ නෑ.
" මය පුතේ ඔයා කාමරේට යන්න."
මන් හුගක් බය වෙලා. ඒත් වෙනදා වගේ අප්පච්චි එදා මගේ ළගට ආවේ නෑ.
" අප්පච්චි මගෙ බඩත් රිදෙනවා."
" මය පුතේ පොඩ්ඩක් ඉවසන්න රත්තරන්."
වෙනදා මාව ලගට අරන් සනසන අප්පච්චි අද ඒ වචන කිව්වේ වේදනාවේන්. ඒ ඇස්වලින් පහලට ඔහේ කදුලු ගලන් යනවා බඩේ කැක්කුමක් එක්ක මන් ලාවට දැක්කා..
විනාඩි දහයක් විතර ගත වෙන්න ඇති . ඒ එක්කමසීතා අම්මා ඒ කියන්නේ අප්පච්චිගෙත් අත්තම්මා මන් ගාවට ආවේ කෝමද කියලා මන් දන්නේ නෑ. මොකද මට නින්ද ගිහිල්ලා තිබුණේ. එදායින් පස්සෙ කෝම හරි මන් හරියටම දවස් දෙකක් අප්පච්චිව දැක්කේ නෑ. මට පිස්සු වගේ.
" සීතම්මේ අප්පච්චිව බලන්න ඕන."
දවසකට දහ දොලොස් සැරයක් සීතම්මා එක්ක රන්ඩු ඇල්ලුවත් අප්පච්චි මන් ඉස්සරහට ආවෙ නෑ. කෝම හරි අනික පහුවදා උදේම මාව නාවලා මට ලස්සන ගවුමක් ගෙනත් දුන්නේ සීතම්මා.
" සීතම්මේ මේක අප්පච්චි නේද ගෙනවෙ."
" ඇයි සීතම්මෙ මට මේවා."
" මය පුතේ දැන් ඔයා ලොකු ළමයෙක් අප්පච්චිගෙන් ඈත් වෙලා ඉන්න ඕන."
" හැමදෙයක්ම අප්පච්චි එක්ක බෙදා ගන්න බෑ"
" අද ඉදන් අප්පච්චි එක්ක නිදා ගන්නත් බෑ"
ඒ මට ලැබුණු උපදෙස්. එතරම් දෙයක් අනේ දෙයියනේ මට පිස්සුවගේ. එදා දවසටම මට ඇහුනේ ඔයා දැන්ළමිස්සියක් පුතේ කියන එක විතරයි. මන් ඒ වචනෙට වයිර කරාන්නත් පටන් අරන් කියලා මට හිතුණේ ඒ වචනේ ඇහෙන ගානේ මට මාවම එපා වුන නිසා.
" මගේ දෝණි."
දෙයියනේ හරියට දවස් තුනකින් මන් දුවලා ගියේ අඅප්පච්චි දිහාවට . අද එයා වෙනස් මාව වැඩිය ළගට ගත්තේ නෑ. ඒත් ඒ ආදරේ ඒ විදිහටම ඒ ඇස් වල දැක්කා.
“ දෝණි මේ දෙක."
මගේ ජිවිතේ අදටත් හෙටත් හැමදාටමත් මන් ආස කරනම තෑග්ග මට වටිනාම තෑග්ග ඒක තමා.
හුරු බුහුටියට මලක් වගේ හැඩයටකට හැඩ වුන චූටිම චූටි සුදු පාටට හුරු මැනික් ගල් අල්ලපු ලස්සනම ලස්සන කරාබු දෙක්ක එයා මගේ අත උඩින් තිබ්බා.
" අනේ අප්පච්චි ."
කවුරු නැතත් අප්පච්චි අද එදා වගේම මන් ආස දේ දීලා. ඒ දවස කෝමින් කෝම හරි ගෙවිලා ගියා. ඒත් සීතා අම්මා කිව්ව දේවල් වලින් එක දෙයක් ඇරෙන්න මන් ඉතිරි හැමදේම කරා.පාඩම් වැඩ නිසාම මන් වෙනම කාමරයකට කොටු වුනත් වෙනදාවගේම එදා ඉදන් නීති පීඨයට ඇතුලත් වෙනකම් එ ඉදන් මේ වෙනක්ම් මගේ හැම දේම කිව්වේ එයාට. එයාගේ ආසවල් තමා මගේ හීන වුනේ. ඒ හින අතරින් එකක් තමා මේ හිනෙත්.
" දෝනි ඔයා දාන් කසාද බදින්න ඕන."
උසාවි ඉවරවෙලා ගෙදර ඇවිත් අප්පච්චි ළගින් වාඩි වුනේ දවසේ විස්තර එයා එක්ක කියන්න.
මට මතකයි එදා වැහි දවසක්.අහස එක්කලා හාද කමක් නැති පාටටම වලාකුලු කලු පාට වෙලා.ඒ මදිවට හොදටම ගෝරනාඩු.
" අප්පච්චි ඇයි මාව වදයක්ද."
ඒ වෙද්දිවත් මට ප්‍රේම සම්බන්ධයක් නොතිබුන නිසා මට දැනුනේ දුකක්.. ඒ නිසමදෝ ඒ වෙද්දිත් මගේ ඇස් කදුලින් බර වෙලා.
" නැ දෝනි. මය දූ මට ඉන්නේ උබ විතරනේ ඉතිම් මන් ආසයි මගේ දූ සතුටින් ඉන්නවා බලන්න."
එයාගේ සතුට මගේ සතුට ඒත් ඒ යෝජනාවට මට කැමති වෙන්න බෑ. නොවිත් බැ.
" හා අප්පච්චි මන් කසාද බදින්නම් තව අවුරුදු 2කින්."
ඒ අවුරුදු දෙක මේ තරම් ඉක්මනින් ගෙවෙයි කියලානම් මන් හිතුවේ නෑ.
" දෝණි කරාබු දෙකක්."
කල්පනා ලෝකෙක හිටිය මන් ආයෙත් පියවි සිහියට ආවේ නැන්දම්මගෙ හඩින්.
" නෑ නැන්දේ මට මේ දෙක හොදයි.ඒ තීරනේ වෙනසක් නෑ."
අප්පච්චිගේ තේරිම වරදින්න විදිහක් නෑ.. ඒ නිසා ඊට එහා දෙයක් මට ඕන වුනෙත් නෑ.
" ඔන්න හරි නන්ගි ."
ඒ එක්කම මන් බැලුවේ කණ්නාඩිය දිහා . සාරියට අරුන්ගල් දෙකක් විතරක් දාගෙන ගමන් ගිය මාව අද මට මාවම අමතක වෙන ගානට හැඩ කරලා. ඒත් මට ඒ ලස්සන පෙන්නන ඕන වුනේ අප්පච්චිට.
" නැන්දේ අප්පච්චි කෝ"
ආයෙත් මන් හෙව්වේ මගේ වීරයා. ඒත් එක්කම
" මනමාලි එක්කන් එන්න නැකත් වෙලාව ළගයි"
" දෝණි අපි යමු."
ඒ හැමදේකටම වඩා මට ඕන වුනේ අප්පච්චි ගාවට දුවන්න .ඒත් මන් යද්දිම මගේ අනාගත සැමියා ඇවිත්. කරන්න දෙයක් නැති කමට හැමෝගෙම කැමැත්තට චාරිත්‍ර වුනා. ඒ හැම මොහොතම මගේ ඇස් හෙව්වෙ අප්පච්චිව. ඒත් අප්පච්චි නෑ. අවසානේ
" රණවර බණ්ඩාරලාගේ සිනෙත්මා බණ්ඩාර වන මම මෙහි සිටින කෝණාර මුදියන්සේලා විහග රණවීර වන මොහු..."
ඒ විදිහට මන් එයාගෙ බිරිද වුනා. ඒ හැම දෙයක්ම අවසානයේ හුරු පුරුදු කට හඩකින්
මන්ග්ල නැකතින් යන්න
සුභ වෙලාව ළන් විය දියණි..."
ඔව් ඒ මගේ අප්පච්චි . වේදිකාව උඩ ඇස් දෙකේ කදුලු පුරවන් ඒ සින්දුව කියනවා. තවත් ඉන්න පුලුවන් කමක් තිබුණේ නෑ.විහගවත් මන් අතහැරලා දුවන් ගියේ මගේ වීරයා ඉන්න දිගාවට . අවසානයේ දාන් හිටිය සෙරෙප්පු දෙකත් බරක් වගේ දැණුන නිසා ඒවත් ගලවලා දිව්වේ ඒ පපුවේ උණුහුම හොයන් . මගේ උන් හැමෝම අඩවන ගමන්....
තාත්තාගේ ආදරේ වාගෙයි මහ සාගරේ. අනුන්ට අයිති ගහක් හරි පරිස්සමින් බලාගෙන අවසානයේ ඵලදාව බාර දෙන්නේ තවත් කෙනුකුට. ඒ තමයි ආදරේ.
ගනේෂා ගුණවර්ධන
කැලණිය විශ්වවිද්‍යාලය

							
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                