المقالات
පීඩාවෙන් හා පීඩනයෙන් තොර ආදරණීය සරසවියක්...
- කතු වැකිය
- الزيارات: 1670
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කියූ සැණින් නවකවදය ගැන සිහිපත් වීම අරුමයක් නොවේ. මන්ද නවකවදය පැවතීම පිළිබඳ සෑම වසරකම කුමන හෝ ප්‍රවෘත්තියක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අසන්නට ලැබෙන බැවිනි. තවමත් සංවර්ධනය නොවූ රටක නිදහස් අධ්‍යාපනයට පිං සිදු වන්නට සරසවියේ ඉගෙනගන්නට එන දුවා දරුවන්ට මෙලෙස නවකවදයට මුහුණ දීමට සිදු වීම සැබැවින්ම ඛේදනීය තත්වයකි. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය පවත්වාගෙන යෑමේ මුවාවෙන් විවිධාකරයේ කායික හා මානසික පීඩාවන්ට විශ්වවිද්‍යාල විද්‍යාර් ථින්ට මුහුණ පෑමට සිදු වීම දඩුවම් ලැබිය හැකි බරපතල වරදකි.
මෙරට සෑම පුද්ගලයෙකුටම අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමි වී තිබේ. එමෙන්ම රටක විවිධාකාරයේ උප සංස්කෘතීන් දැකිය හැක. නමුත් එම සංස්කෘතියේ පවත්නා උප ලක්ෂණ, සිරිත් විරිත් මහා සංස්කෘතියේ ඇති පොදු නිතීයට යටත් විය යුතුය. උප සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යාම යනු එම උප සංස්කෘතියේ සමාජික සමාජිකාවන්ට කායික මානසික හිරිහැර සිදු කර එම සංස්කෘතිය අතහැර දමා යාමට, ඊට වෛර කිරීමට හෝ ඒ පිළිබඳ මහා සමාජයේ අප්‍රසාදය හා පිළිකුල ඇති කිරීමට අවස්ථාව උදා කිරීම නොව ඊට ආදරයෙන්, ගෞරවයෙන් ආචාර කිරීමට හැකි උසස් මට්ටමක් දක්වා රැගෙන ඒමය.
විශ්වවිද්‍යාලය යනු ආදරයෙන්, සෙනෙහසින් හා සහෝදරත්වයෙන් පිරුණු තැනක් මිස බිය, වෛරය හෝ ප්රචණ්ඩත්වය වපුරන තැනක් නොවේ. නොයෙකුත් විෂයන්හී ප්‍රාමාණික උගතුන් සිටින විද්‍යාර් ථීන් වෙනුවෙන් සේවයට ඇප කැප වුණු ආචාර්යවරු හා සේවක මණ්ඩලයක් සිටින උතුම් පුණ්‍ය භූමියකි. එම නිසා විශ්වවිද්‍යාලයට පැමිණෙන සියලු විද්‍යාර්ථීන් අවබෝධ කරගත යුතු, මැනවින් පිළිපැදිය යුතු කරුණ නම් තමා අවට සිටින කිසිවෙකු පීඩාවට පත් කිරීම
තමාගේ කාර්යභාරය නොව ලැබුණු සිව් වසර තුළ හැකි උපරිමයෙන් අධ්‍යාපනය ලැබ ජිවිතය ජය ගැනීමය. නවකවදය ක්‍රියාවට නංවා ගෝත්‍රික සමාජ ගති ලක්ෂණ ප්‍රදර්ශනය කර නිතියේ රැහැනින් දඩුවම් ලැබීම නොව වටිනා අධ්‍යාපන චාරිකාව හමාර කර රටට සමාජයට සේවය කිරීමය.
සංස්කාරක