අලුත් අවුරුද්ද ආරම්භ වෙලා සති කිහිපයක් ගෙවිලා ගිහින්. අලුත් දිනපොතක් ඔබේ ජීවිතයට අලුතෙන් එකතු වුණාට පරණ හීන හීනයක්ම වෙන්නට දුන්නාද?
පොඩි කාලේ මං කවුරු වෙනවා කියලද හිතුවේ. වෛද්‍යවරයෙක්, නීතීඥවරයෙක්, ඉන්ජිනේරුවරයෙක්, ගුරුවරයෙක්. ඒත් වයසින් වැඩිවෙනකොට ඒ හීනේ වෙනස් වුණා නේද? නැත්නම් පොඩි කාලේ කවුරු වෙන්නද කැමති කියලා ටීචර් ඇහුවහම මං එහා පැත්තේ යාලුවා වගේ, එහෙමත් නැත්නම් එයා කිව්ව දේටත් වඩා දෙයක් කිව්වට,
ඒ හීනේ මඟ හැරුනද නැත්නම් මහන්සි වුණා මදිද? පොඩි කාලේ හිනේ වෙනස් වෙන්න හේතුව හිතලා බැලුවද?
දැන් ඔබ කරන රැකියාව ගැන යම් පුද්ගලයකු විමසූවහොත් ඔබ උජාරුවෙන් වචන ඇමිණුවාට, ඔහු ඇසුවොත් ඔබ සතුටින්ද ඉන්නේ යැයි එවිට දෙන පිළිතුර කුමක්ද? රැකියාව ගැන තෘප්තිමත්ද? , අතෘප්තිමත්ද? රැකියාව ගැන පැවසූ විගස ඔබගේ මුහුණේ ඉරියව් මඟින් රැකියාව ගැන ඔබ දරණ මතය පිළිඹිබු වේ. කෙතරම් වැටුපක් ලැබුණද ඔබ සතුටින් නොමැති නම් ඒ වැටුපෙන් ඵලක් වේද යන්න සිතීම ඔබ සතුයි.