සුව අරණ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීමේ වේදනාව ජිවිතයේ අත්විඳ නොමැති පුද්ගලයකු නොමැති තරම්‍ ය. සාමාන්‍යෙන් ලෝකයේ ජීවත්වන මිනිසුන්ගෙන් 95% ක්ම ශරීරයේ කොතැනක හෝ මස්පිඬු පෙරළීමක් එක් වරක් හෝ ඇතිවන්නට ඉඩ ඇති බව වෛද්‍යවරු සඳහන් කරයි.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

සමාජය තුළ බහුල වශයෙන් දැකගත හැකි තත්ත්වයක් ලෙස ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වය හඳුන්වා දිය හැකිය. මෙය එක්තරා මන්දමානසික තත්ත්වයකි. මෙම තත්ත්වය රුධිරගත අසාමාන්‍යතාවයක් නිසාවෙන් ඇතිවන්නා වූ තත්ත්වයකි. එනම්, රුධිර සෛලයක අඩංගු යුගල වශයෙන් දැකිය හැකි වර්ණදේහ විසිතුනෙන්  විසිඑක්වන වර්ණ දේහය යුගලයක් වශයෙන් නොව ත්‍රිත්වාකාර බෙදීමක් ලෙස පිහිටීම මෙම තත්ත්වයට බලපානු ලබයි. මෙය උපතින්ම ගෙන එන කණගාටුදායක තත්ත්වයකි. මෙය  සොයා ගනු ලබන්නේ වර්ෂ 1862 දී වෛද්‍ය ජෝන් ලැන්ග්ඩන් ඩවුන් විසිනි. එතුමාට ගරු කිරීමක් වශයෙන් මෙම තත්ත්වය ඩවුන් සින්ඩ්‍රොම් ලෙස හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය කෙනෙකුගේ සම්පූර්ණ චර්යාවට බාධා ඇති කරයි. මෙම දරුවන් එක සමාන මුහුණුවරකින් යුක්ත වන අතර මොවුන් ‍“ෆ්ලොපි බේබි‍” යන නමින්ද හඳුන්වනු ලබයි.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

2023 මැයි 08 ට යෙදෙන තැලසීමියා දිනය වෙනුවෙන් වෛද්‍ය පීඨයේ, කායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන මහතා සමඟ සිදු කළ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි. 

 

තැලසීමියාව යනුවෙන් හැඳින්වෙන්නේ කුමන රෝගී තත්ත්වයක් ද?

 

සරලවම කිව්වොත් තැලසීමියාව කියන්නෙ, ලේ අඩු වෙන, නිරක්තිය ඇතිකරවන ජානගත රෝගි තත්ත්වයක්. ලංකාවේ වගේම ලෝකයේ නිරක්තිය ඇති කරන සුලභම හේතුව යකඩ ඌනතාවය. තැලසීමියාව කියන්නෙ ඒ වගේම ලේ අඩු කරවන තවත් එක හේතුවක්. මෙහි විශේෂත්වය නම් තැලසීමියාව ජානගතයි. පරම්පරාවෙන් පරම්පරාවට තමයි මේ රෝගය එන්නේ. ඒක ලංකාවේ සුලබතම ජානගත රෝගය වශයෙන් හැඳින්විය හැකියි. රුධිරයේ ප්‍රධාන සංඝටක දෙකක් තියෙනවා. සෛල කොටස සහ ප්ලස්මා (සෛල නොවන) කොටස වශයෙන්. සෛල කොටසේ රතු සෛල, සුදු සෛල සහ පට්ටිකා වශයෙන් සෛල කොටස් තුනක් තියෙනවා. 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

මිනිසා වානර පරිණාමයේ ප්‍රතිඵලයක් බැව් නොරහසකි. මානසික දියුණුවත් සමඟ දළ සිත යටපත් කර ගන්නා ඔහු සුපහන් සිතකට ඉඩහසර වෙන්කරයි . ළදරු අවධිය, ළමා අවධිය පසුකරලමින් තරුණ අවධියට පා තබන සාමාන්‍ය මනුෂ්‍ය ජීවන චක්‍රය තුළ, තරුණයා සහ තරුණිය යනු සුවිශේෂී සංදිස්ථානයකි. නිරන්තරයෙන් නවමු අත්දැකීම් ලබන්නට රුචිකත්වයක් දක්වන මොවුහු වරදට පෙළඹීමේ සම්භාවිතාවය ඉතා ඉහළය. සිත, කය, වචනය යන තිදොරෙහි  නොහික්මුණු ස්වභාවය ඊට හේතුවයි.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

වර්තමාන ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම බරපතළ සෞඛ්‍ය  ගැටලුවක් බවට පත්ව ඇත. ඩෙංගු මරණ සංඛ්‍යාව ද  ඉහළ යමින් තිබෙන අතර සැලකියයුතු පිරිසක්  රෝහල්ගතව ද ප්‍රතිකාර ලබමින් සිටිති. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් දැනුවත් විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සහ රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

කොරෝනා වසංගතය හමුවේ 2020 වසරේ ජනවාරි මස සිට මේ දක්වා මෙරට covid-19 ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 6 කටත් වඩා වැඩි අතර ඒ අතරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව පන්දාහකට වඩා වැඩිය. පසුගිය කාල වකවානුව තුළ එනම් අගෝස්තු - සැප්තැම්බර් මාස වන විට covid -19 වසංගත තත්වය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමකට ගොස් තිබුණත් නැවත මෙරටින් වාර්තාවන Covid-19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව පහළ මට්ටමක පවතින අතරවාරයේ වෛරසය පැතිරීම පහළ මට්ටමක පැවතුණ ද මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම වැනි Covid-19 ආශ්‍රිත සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් පිළිපදින ලෙස හා නියමිත එන්නත් මාත්‍රා හරියාකාරව ලබා ගැනීම ආදී ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

කුඩා දරුවන් අවිහිංසකය. සුන්දරය. නිර්ව්‍යාජය. මේ නිසාම ඔවුන් පූදින්නට වෙර දරන මල් කැකුළු සේය. සමාජයක, රටක අනාගත වත්කම වන්නේ ඔවුන්ය. දෙමාපියන්ගේ ආදරණීය බලාපොරොත්තු මධ්‍යයේ මෙලොව එළිය දකින කුඩා දරුවන් අනේක විධ දක්ෂතා වලින් පිරිපුන්ය. නමුත් ඔවුන් එකිනෙකාට සමාන දක්ෂතාවයන්ගෙන් හෝ හැකියාවන්ගෙන් යුක්ත නොවිය හැකිය. ඇතැම් දරුවන් නීරෝගී දරුවන් ලෙස උපත ලබනවා සේම ඇතැම් දරුවන් විවිධ දුබලතා සමඟ මෙලොව එළිය දකින අවස්ථාද පවතී. කෙසේ වෙතත් දෙමාපියන්ට උණහපුළුවාට තම පැටියා මැණිකක් වන්නා සේ තම දරුවාද තමාට මැණිකක්මය. 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

වසර දෙදහස් ගණනක ඉතිහාසයක් පවතින ශ්‍රී ලංකාවේ ආහාර පාන සංස්කෘතියේ ඇති විවිධත්වය හා චමත්කාරය එදා මෙදා තුර මෙරට ජීවත් වූ දෙස් විදෙස් සියලු දෙනා අගය කර ඇත.  ලංකාවේ පැරණි කෘෂිකාර්මික වගාබිම් සහ ආහාරපාන දේශීය සතුන්, ස්වභාවික කෘමිනාශක වර්ග, සරුසාර අස්වනු වගේම අපතේ නොදමා ගුණාත්මකව සාදනු ලබන ආහාර වේල් මෙහිදී ඉතාමත් වැදගත්ය. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ කායික හා මානසික නිරෝගීභාවය දුරස්වීමට වැරදි ආහාර පුරුදු,  විෂ ආහාර වර්ග මෙන්ම ගෝලීයකරණය මත ඇති වූ විපර්යාසයන් ද බලපා තිබේ.

10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search