المقالات
වැලන්ටයින් එන්න කලින්
- කවි
- الزيارات: 4239
මට ආදරය කළ
මම ආදරය නොකළ,
මම ආදරය කළ
මට ආදරය නොකළ,
සියලු මනුෂ්‍ය ප්‍රාණින්
ආදරයෙන් සිහි කරමි.
ජීවිතයේ විවිධ ඍතූන් වල
ඔබේ යාම් ඊම්
මා පරිණත කරන ලදි.
මද සුළගටත් ලෙලෙන
ලතාවක් නොවී ,
කුණාටු මැද නොසැලෙන
ගසක් ලෙස
මා සවිමත් කරන ලදි.
ඉතින් එබැවින්
නුඹට දෙන්නට
තෘප්තිමත් සිනාවක්
මා මුවග ඇත.
සුභ ගමන්.....
චමෝ
විශේෂවේදී තෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය


