المقالات
රොබරෝසියා...
- කවි
- الزيارات: 5370
දහසක් තරු මැද
අහසේ දිළෙනා
එකම සඳකට
සිත බැඳි - මමයි
රැයේ නොපිපුනත්
සුවඳ ඉහිරවන
රොබරෝසියා මල....
නමක් දෙන්නට බැරි
ගලවන්නට බැරි තරම් බැඳි
අපූරුතම විඳීමකි
මිඳීමක් නම් නැති...
දුර මුත් පොළොවට
හඳටනම් නෑ දුර
එනිසා මම හිමිහිට
නොඉල්ලා ලියමි දුර සිට
නුඹට ඇති ආලය
ලොවට රහසේ මම…
බී.ලක්ෂිකා මදුශානි
විශේෂවේදී දෙවන වසර
වාග්විද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්ර පීඨය


