المقالات
මධු රාත්‍රිය…
- කවි
- الزيارات: 2164
ශෘංගාර ප්‍රේම පැතුමේ මුව දොරට ළං වෙලා
සංසාර හීන මැදුරේ දොර කවුළු එළි වෙලා
වස්සාන රෑට අහසේ සද කිරණ බර වෙලා
උන්මාද රාග හැඟුමේ ඇරඹුමට සැරසිලා
රතු පෑය රෝස අතරේ සුදු සළුව අතුරලා
මුතු මාල රෑන කනකේ සළු පටල ගැලවිලා
සන්තාප නාද ගැස්මේ මුහු බියක රඳවලා
හදපාන මෑත නදියේ දිය මතට මුහුවෙලා
රති රාග වේග රිද්මේ උණුසුමට ගුළි වෙලා
රැහැ නාද ඈත වදුලේ මල් කුමුදු ඇහැරිලා
ගව් ගාන පේන යොදුනේ හිමි හිමිට කොඳුරලා
රන් පාට සාද සළුවේ රණ හසුන් හිනැහිලා
පෙර දාක නොවී සුවයේ ගත සිතක දැවටිලා
පැතූ හීන රෑට සයනේ මිණි මෙවුල බිද හෙළා
මුදු නාරි දේහ කුසුමේ ගැස්මකට හසු වෙලා
සුදු සේද වලා යහනේ රතු පබළු විසිරිලා
නිම්නදි ජයවර්ධන
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය