المقالات
අම්මා නැති අපට
- කවි
- الزيارات: 5733

පාන්දරින් දොර ඇරියේ
තාත්තාට ගෙදර එන්න
අම්මා දුරු රට වැඩියේ
මෙතර මාළිගා තනන්න
මල්ලී තනියට හිටියට
යාන්තමින් රෑ වෙනකොට
රෑ සමනල ගීත ඇහෙයි
දෙවැට දිගේ අපූරුවට
එතෙර කාසි හිනැහෙනකොට
අපේ ගෙදර ලාම්පුවට
තාත්තා ඇයි පියමැන්නේ
කණවැන්දුම් ගුහාවකට
අහස් යන්තරේ යනකොට
අහස උඩින් ගොරවාගෙන
පොඩි මල්ලී කෑගහනවා
බහින්න කියලා අම්මට
නැවුම් කළෙන් දිය නෑවේ
අම්මා ළග නැති දවසක
කනේරු මල් පූදිනවා
සින්න වෙන්න යන් වැට ළග
ජෙ.ආර්. ඉමේෂා සමරසිංහ
තෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජ විද්‍යාපීඨය

26 أيلول/سبتمبر 2022
මගේ කවියක් ගානෙම
09 كانون2/يناير 2023
අකීකරු සිතිවිලි
15 تشرين2/نوفمبر 2022
ගැඹුරු හුස්මක්
16 آب/أغسطس 2022
මං එනතුරු
11 تشرين1/أكتوير 2022
ආලයේ වැසි
30 آب/أغسطس 2022
අතීතයේ මතක
03 آب/أغسطس 2022
නුඹ නොදත් ඈ


