Image

                    කරනා සියල්ල ප්‍රශ්නයක්

                   නිවැරදි සියල්ල විසඳුමක්…

                   හේතුවේ අවසන ඵලය තියෙනවා

                   ඵලය ලබාගෙන හිත හිනැහෙනවා…

 

                   කොහොම වුනත් මෙහි වෙන්නට ඕනා

                   නිවැරදි ඵලයයි නෙලන්ට ඕනා…

                   කුමක්ද මොකටද ජීවිතේ

                   ඇරඹුනේ ම ප්‍රශ්නයකින් නේ…

 

                   පිළිතුරු සොයන්න සිදුවන්නේ

                   බුද්ධිය පෙරටුව ආත්මයේ…

                   නිවනට යන මග සොය පන්නේ

                   සත්‍යය වැටහෙන මිනිසුන් නේ…

 

                   ලිඛිත අලිඛිත වශයෙන් හරි අපි

                   හැමදෙනාම ළඟ ප්‍රශ්න ඇතේ…

                   පිළිතුරු වටේට කැරකෙන වුව මැන

                   නිවැරදි පිළිතුර තෝරන්නේ…

 

                   ජීවිතේ සරලයි- පිළිතුර මාරයි

                   ප්‍රශ්නෙ හමාරයි- බුදු වදනේ…

                   ජීවන ප්‍රශ්නය විසඳන පිළිතුර

                   නිර්වාණය යයි සිත් දන්නේ…

 

                 කේ.ඉමාලි සහනිකා සේනාරත්න

                 පළමු වසර,

                 මානවශාස්ත්‍ර පීඨය,

06 تشرين1/أكتوير 2022
08 آذار/مارس 2022
09 كانون2/يناير 2023
10 آب/أغسطس 2022
16 آب/أغسطس 2022
03 آب/أغسطس 2023